Monday, August 29, 2016

සත්ව ලෝකයේ දැවැන්තයෝ

ලොව විශාලතම සත්වයා-නිල් තල්මසා


ලොව වෙසෙන විශාලතම සත්වයා වූ නිල්තල්මසා කරදියවාසියකු වුවත් ක්ෂිරපායි සත්වයෙකි.විද්‍යාත්මක නාමය Balanoptera musculus වේ.නිල් තල්මසාගේ ්දිව මෙට්‍රික් ටොන් 2.7ක් පමණ බරැතිය.හෘදය කිලෝග්‍රෑම් 600ක් පමණ වේ.නිල් තල්මසාගේ විශාලත්වය දිග මීටර් 30ක් පමණ වන අතර බර මෙට්‍රික් ටොන් 180කි.



ලොව විශාලතම ගොඩබිම සත්වයා-අප්‍රිකානු අලියා


ලොව විශාලතම ගොඩබිම සත්වයා වන්නේ අප්‍රිකානු අලියායි.විද්‍යාත්මක නාමය-Loxo donta වේ.දැවන්ත බව නිසාම අප්‍රිකානු අලියාට සාමාන්‍යයෙන් ස්වභාවික සතුරන් නැත.ඒහෙත් අලුත උපන් පැටවුන් සමහර අවස්ථාවල සිංහයන්ගේ හා කිඹුලන්ගේ ප්‍රහාරවලට ගොදුරු වේ.පිරිමි අලියෙකු දිගින් මීටර් 6 සිට 7.5 අතර වේ.උරහිස් දක්වා උස මීටර් 3.3 කි.බර ටොන් 6ක් පමණ වේ.ගැහැණු සත්වයෙකුගේ දිග මීටර් 5.4 සිට  6.9 අතර වේ.උරහිස් දක්වා උස මීටර් 2.7ක් පමණය.බර ටොන් 3ක් පමණ වේ.

ලොව විශාලතම ගොඩබිම් මාශ භක්ෂකයා-හිම වලසා සහ කෝඩියැක් වලසා

වාර්තා වී අැති බරැතිම හිම වලසා කිලෝග්‍රෑම් 1003ක් පමණ වූ අතර දුඹුරු වලසා කිලෝග්‍රෑම් 1135 ක් විය.කෝඩියැක් වලසා යනු දුඹුරු වලසාගේ උප විශේෂයකි.හිම වලසාගේ විද්‍යාත්මක නාමය Ursus maritimus ය. කෝඩියැක් වලසාගේ විද්‍යාත්මක නාමය Ursus arctos ය.දේහ ප්‍රමාණයෙන් මොවුන් දෙදෙනා ඒක සමාන බැවින් මොවුන් දෙදෙනා අතුරින් වඩා විශාල කවුරුන්දැයි නිශ්චිතව පැවසීමට නොහැකිය.මේ
විශේෂයන් දෙෙක්ම උරහිස් දක්වා උස මීටර් 1.6ට වැඩි වන අතර සම්පූර්ණ දිග මීටර් 3.65ක් පමණ වේ.

 


ලොව විශාලතම පක්ෂියා-පැස්බරා

පැස්බරාගේ විදාත්මක නාමය Struthio camelus වේ.දැනට ජීවත්වන විශාලතම පක්ෂියා වන පැස්බරා අප්‍රිකාවේ සිට අරාබිය දක්වා වූ තැනිතලාවල වාසය කරයි.ගොඩබිම ජීවත්වන වේගවත්ම පක්ෂියා හා වේගවත්ම ද්විපාද සත්වයා යන වාර්තා දෙකටම හිමිකම් කියන්නේ මේ පක්ෂියාය.පිරිමි පැස්බරකු උසින් මීටර් 2.8ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 156ට වැඩිය.පැස්බර බිත්තරයක් කිලෝ 1.4ක් පමණ වේ.

ලොව බරැතිම පියාඹන පක්ෂියා-ඩැලිමේෂියන් පැස්තුඩුවා

ඩැලිමේෂියන් පැස්තුඩුවාගේ විද්‍යාත්මක නාමය Renecanud crispus  .පැස්තුඩු කුලයේ සාමාජිකයෙකු වන මේ පක්ෂියා බිත්තර දැමීම සදහා නැගෙනහිර යුරෝපයේ සිට ඉන්දියාව හ චීනයේ වගුරු බිම් හා නොගැඹුරු විල් වලට පැමිණේ.සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 160-180 ත් අතර වේ.පියාපත් දිග හල විට මීටර් 3 ඉක්මවා යයි.මොවුන්ගේ මධ්‍යයන බර අනුව ලොව බරැතිම පක්ෂියා ලෙස සලකන නමුත් විශාල පිරිමි බස්ටඩි පක්ෂින් හා හංසයන් පැස්තුඩුවාගේ උපරිම බර ඉක්මවා යන අවස්ථා අැත.


ලොව විශාලතම උරගයා-කරදිය කිඹුලා

කරදිය කිඹුලාගේ විද්‍යාත්මක නාමය Crocodylus porosus  ය.කරදිය කිඹුලා අවස්ථාව ලැබෙන තුරු බලා සිට දඩයම් කරන්නෙකි.උෟ තම බල ප්‍රදේශයට අැතුලු වන ඔ්නෑම සතෙකු පාහේ ජලයේදී හෝ ගොඩබිමේදි ග්‍රහණයට ගනී.කරදිය කිඹුලාගේ විශාලත්වය වැඩුණු පිරිමි කිඹුලකු බරින් කිලෝ ග්‍රෑම් 409 සිට 1000 අතර වේ.දිගින් මීටර් 4.1 සිට 5.5 පමණ වේ.කෙසේ වෙතත් මීටර් 6ට වඩා පරිනත කිඹුලන් වාර්තා වී අැති අතර බරින් කිලෝග්‍රෑම් 1000 ඉක්මවයි.

ලොව විශාලතම සර්පයා-කොළ අැනකොන්ඩා


කොළ අැනකොන්ඩාගේ විද්‍යාත්මක නාමය Eunectes murinus  ය.උරග ගෝත්‍රයේ වෙසෙන දැවැන්තම සත්වයෙකු ලෙස කොළ අැනකොන්ඩා හැදින්වේ.නිවර්තන වැසි වනාන්තරවල ගංගාශි්‍රතව මොවුන් ජීවත් වේ.අග්නිදිග අාසියාවේ වෙසෙන රෙටිකාටුලේටඩි පිඹුරා අැනකොන්ඩාට වඩා දිගින් යුක්ත වන නමුත් සිහින් ක‍දකින් යුක්ත වන බැවින් ලොව විශාලතම සර්පයාට හිම් ස්ථානය කොළ අැනකොන්ඩාට හිමිව අැත.විශාලත්වය තහවුරු කරගත් උපරිම දිග මීටර් 7.5ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 250කි.ඒහෙත් කට කතාවලට අනුව මීට වඩා විශාල අැනකොන්ඩාවුන් දැක අැති බවට වාර්තා පළ වේ.






Saturday, August 27, 2016

පැන්සලේ කතන්දරේ

·         පැන්සල කියන්ෙන් අපිට පුංචි කාලයේ මුණගැහුණ අපූරු යාලුෙවක්.පුංචි කාෙල් අකුරු ලියන්න චිත්‍ර අදින්න අපිට උදව් වුෙන් ෙම් යාලුවා තමයි.ඉතිං අද අපි අෙප් ෙමි අපූරු පුංචි  යාලුවා ගැන ෙතාරතුරු ටිකක් දැනගමු.
·      පැන්සල හැදින්වීම සදහා ඉංග්‍රීසි භාෂාෙවන් යෙදෙන pencil යන වචනය සෑදී අැත්තේ පෙනිසිලින් යන ලතින් වචනය අැසුරිනි.ඒහි තේරුම කුඩා වලිගය යන්නයි. pencil යන ඉංග්‍රීසි වචනය කුඩා පින්තාරු බුරුසුව යන තේරුම දෙන pincel යන පුරාණ ප්‍රංශ වචනය අැසුරෙන් සෑදුණ                       බවටද මතයක් පවතී.
·         ක්‍රි.පූ 1වන සියවසේදී ග්‍රීක ජාතික කවිෙයකු වන තෙසලොනිකහි පිලිප් නැමැත්තා ඊයමි වලින් තැනූ උපකරණයකින් යෙදුණු බව පැවසේ.නමුත් නූතනයේ අප දන්නා මිනිරන් පැන්සල පළමුවරට නිපදවන ලද්දේ 1564 වර්ෂෙය්දී ඒංගලන්තයේ කුම්බ්‍රියාහිදීය.ස්විට්සර්ලන්ත ජාතික ෙකානාඩි ගෙස්නර් මුල් කාලීන මිනිරන් පැන්සල නිපදවීම සදහා දායක විය.පසුකාලිනව ජර්මනිෙය් නියුරම්බර්ග්හිදී පැන්සල තවත් වැඩි දියුණු කොට නිෂ්පාාදනය කරන ලදී.
·         පැන්සල් මගින් දිය යටදී පවා ලිවීමට හැකිය.
·       1861දී ඒබර්හිර්ඩ් පේබර් නැමැත්තා පළමු වරට අැමරිකා ඒක්සත්ජනපදයේ නිව්යෝක් නුවරදී ඉතා දැවැන්ත පැන්සල් කම්හලක් නිපදවන ලදී.
·         ලොව පළමු යාන්ත්‍රික පැන්සල් කම්හල ඒංගලන්තෙය් පිහිටා තිබූ අතර ඒය දෙවන ලෝක යුධ සමයේදී බෝම්බ ප්‍රහාරයෙන් විනාශ විය.
·         2004 වර්ෂයේදී චීනයේ පැන්සල් කර්මාන්ත ශාලා පැන්සල් බිලියන 10කට අධික ප%මාණයක් නිපදවූ අතර පෘථිවිය වටා 40 වතවක් රවුමි අදීමට තරමි ඒය ප්‍රමාණවත් විය.
·        සාමන්‍ය ප්‍රමාණයේ පැන්සලකින් ලියා නිම කිරීමට සැතපුම් 35ක් දුරට ඉරක් අදිය හැකිය.ඒෙස්ත් නැත්නම් වචන 45000ක් ලිවීමට හැකිය.

·         අැමරිකානු වෙළද පොළ වල දැකිය හැක්කේ කුඩා මකන කැබැල්ල අගට සවි කළ පැන්සල් වන අතර යුරෝපානු වෙළද පොළ වල දැකිය හැක්කේ මකන කැබැල්ල රහිත පැන්සල්ය.
·         වසරකට ලෝකයේ පැන්සල් බිලියන 14ක් නිපදවේ.ඉන් අඩක්ම චීනයේ නිපදවේ.ඒවා පෘථිවිය වටා 62 වතාවක් රවුම් අැදීමට තරමි ප්‍රමාණවත්ය.
·         ගුරුත්වාකර්ෂණය ඉතා අවම ස්ථාන වලදී පවා පැන්සලෙන් ලිවීමට හැකිය.අභ්‍යවකාශගතවූ අැමරිකානු සහ රුසියානු ගගනගාමින් පවා උඩු ගුවනේදී ලීවීමට පැන්සල් භාවිතා කළ බව පැවසේ.
·         ලොව විශාලතම පැන්සල මලේසියාවේ ක්වාලාලම්පූර්හිදී නිපදවා ප්‍රදර්ශනය කරන ලදී.ඒය අඩි 65ක් උස විය.ඒය හදුන්වන ලද්දේ castell9000 යන නමිනි.
·         හොදින් වැඩුණ ගසකින් පැන්සල් 300000ක් පමණ නිපදවිය හැකි බව පැවසේ.
·         ලොව දිගම පැන්සල මීටර් 323.51ක් දිග විය.ඒය නිපදවන ලද්දේ ඒක්සත් රාජධානියේ ඒඩිවඩි ඩග්ලස් මිලර් නැමැත්තාය.
·         උරුගුවෙහි ඒමිලියෝ ඒරිනස් නම් පුද්ගලයා සතුව කලු පැන්සල් 16260ක ඒකතුවක් විය.ඔහු ඒමගින් ගිනස් වාර්තාවක් තැබීමටද සමත් විය.
·         ලොව මෙතෙක් හමුවූ ඉපැරණිම පැන්සල ලෙස වාර්තා වන්නේ 17 වන සියවසට අයත් පැන්සලකි.ඒය සුරක්ෂිත කිරීම සදහා ෆේබර් කැස්ටෙල් සමාගම වෙත භාරදෙන ලදී.
·         ලොව මිල අධිකම පැන්සල gsmpguoo fabr castell යන නමින් හදුන්වයි.මෙමම පැන්සල සාදන ලද්දේ වසර 240 ක් පැරණි ඔලිව් ලී වලින් සහ කැරට් 18ක් වටිනා රත්තරන් යොදා ගැනීමෙනි.මෙහි වටිනාකම අැමරිකානු ඩොලර් 12800 ක් විය.
·         ලොව දැවැන්තම පැන්සල් නිෂ්පාදකයා ෆේබර් කැස්ටෙල්ය.
·         සාමාන්‍ය ප්‍රමාණයේ පැන්සලක් 17 වතාවක් මුවහත් කළ හැකිය.
·         පැන්සල් සදහාම වෙන්වූ කෞතුකාගාරයක් ඒංගලන්තයේ කෙස්වික්හි පිහිටුවා තිබේ.ඒය හදුන්වනුයේ cumberiand පැන්සල් කෞතුකාගාරය යනුවෙනි.
·         පැන්සල් වල H.B යනුවෙන් ඉංග්‍රීසි අකුරු දෙකක් සදහන් කරතිබෙනවා ඔබ දැක අැති.ඒම අකුරු දෙකෙන් සංකේතවත් කරනුයේ පැන්සල තුළ අැති මිනිරන් කූරෙහි ඝනකම සහ කලු වර්ණයෙහි ස්වභාවයයි.H යනු Hardness ය ඒනම් ඝනකම ශක්ත්මත් බවය.B යනු Blackness හෙවත් කලු වර්ණයෙහි ස්වභාවයයි.ඒ අනුව පැන්සල ශ්‍රේණිගත කර තිබේ.
·         ලොව විවිධ රටවල් විවිධ වර්ගයේ පැන්සල් භාවිතා කරති.අැමරිකා ඒක්සත් ජනපදයේ බහුලව භාවිතා කරන්නේ පිටත කහ පැහැති පැන්සල්ය.ජර්මනියේ සහ බ්‍රසීලයේ බහුලව නිපදවෙන්නේ කොළ නිල් හෝ කලු පැහැති පැන්සල්ය.දකුණු යුරෝපානු රටවල කහ ඉරි සමග තද රතු හෝ තද කලු වර්ණ සහිත පැන්සල් භාවිතා කරති.ඔ්ස්ට්්‍රලියාවේ ඒක් කොනක කලු ඉරි සහිත රතු පැන්සල් භාවිතා කරති.ඉන්දියාවේ රතු සහ කලු ඉරි සහිත පැන්සල් භාවිතා කරති.
·         සුප්‍රකට අැමරිකානු ලේඛකයින් දෙපළක් වන අර්නස්ට් හෙමින්වේ සහ ජෝන්ස්ටෙන්බෙක් තම නවකතා රචනා කිරීමට පන්සල් භාවිතා කළහ.ඒ අතරිනුත් ජෝන්ස්ටෙන්බෙක් දිනකට පැන්සල් 60ක් පමණ භාවිතා කළ බව පැවසේ.ඔහු ලියූ ඊස්ට් ඔෆ් ඊඩ්න් නවකතාව රචනා කිරීම සදහා ඔහුට පැන්සල් 300ක් පමණ අවශ්‍ය වූ බවද පැවසේ.
·         විලද්මිර් නොබොනොව් නැමත් සිරයානු ලේඛකයා තම නවකතා සියල්ල රචනා කරන ලද්දේ පැන්සල් භාවිතයෙන්ය.
·         චාලි සහ චොකලට් කම්හල අැතුලු ඉතා අපූරු ළමා කතා /සක් ලියූ රෝල්ඩ් ඩාල් පිටත වැස්ම කහ පැහැති පැන්සල් වලින් ලිවීමට ප්‍රිය කළ අතර ඔහු දිනකට මුවහත් කරන ලද පැන්සල් 06ක් භාවිතා කළහ.
·         සුප්‍රකට නව නිපැයුම්කරුවෙකුවන තෝමස් අල්වා ඒඩිසන් තමන් වෙනුවෙන්ම ඊගල් වෙළද නාමය දරන විශේෂ පැන්සල් සාදවා ගෙන භාවිත කළේය.ඒවා සාමාන්‍ය පැන්සල් වලට වඩා අගල් තුනකින් දිගින් වැඩි වූ අතර සාමාන්‍ය පැන්සල් වලට වඩා ඒහි මිනිරන්ද මෘදු විය.
·         ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වැන්ගෝ චිත්‍ර අැදීම සදහා භාවාතා කළේ ෆේබර් පැන්සල් පමණි



Sunday, August 14, 2016

දෙවියන්ගේ අාහාරය චොකලට්

චොකලට් කියන්නේ  නම අැසූ පමණින් රස නහර පිනා යන අාහාරයක්.ලොකු කුඩා වයස් බේදයකින් ෙතාරව හැම දෙනාම චොකලට් කන්න කැමතියි.ෙමන්න චොකලට් ගැන වැදගත් තොරතුරු  කිහිපයක්.



                                                         චොකලට් ගස් හෙවත් කොකෝවා


චොකලට් නිෂ්පාදනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්ෙන් කොකෝවා.ෙමම කොකෝවා අැට තිෙබන්නේ ෙකාෙකා්වා ෙගඩි තුළයි.ඉංග්‍රීසි භාෂාවෙන් cacao යනුවෙන්  මේවා හ‍‍දුන්වයි.කොකෝවා ගස් වල විද්‍යාත්මක නාමය වන්නේ Theobroma cacao යන්නයි.ලතින් භාෂාවෙන්  මෙහි තේරුම වන්නේ දෙවිවරුන්ගේ අාහාරය යන්නයි.දෙවිවරුන් පවා අාහාරයට  ගැනීමට තරමි චොකලට් රසවත් යන්න ඒහි අර්ථයයි.

කොකෝවා ගස් සෑදෙන්නේ නිවර්තන කලාපීය රටවලය.විෙශ්ෂයෙන් දකුණු සහ මධ්‍යම අැමරිකානු රටවලය.පුරාණයේදී මෙක්සිකෝව් විසූ මායාවරුන් ලොව පළමුවරට කොකෝවා ගස් වගාකොට කොකෝවා අැට වියලා ජලය සමග මිශ්‍ර කොට ඒවායින් පානයක් සකසා ගත්තා.ෙමය මායාවරුන්ගෙන් පුරාණ අැස්ටෙක්වරුන්ට ව්‍යාප්ත වුනා.මායාවරුන් මෙම පානය උණුවෙන් පානය කළා අැස්ටෙක්වරුන් ඒය සිසිල් කොට පානය කළා.අැස්ටෙක් භාෂාවෙන් මෙම පානය xocolatl යනුවෙන් හැදින්වූවා.ඒකේ තේරුම තිත්ත ජලය කියන ඒක.මෙය විශේෂිත උත්සව අවස්ථා වල අාගමික චාරිත්‍රවලදී විශේෂ පානයක් ලෙස භාවිත කළා.

ඔවූහු කොකෝවා අැට දෙවියන්ට පූජා කරන විශේෂ ද්‍රව්‍යක් ලෙසද මුදල් ඒකකයක් ලෙසද භාවිතා කළා.අැස්ටෙක් අධිරාජෙයකඅ වූ දෙවන මොන්ටෙසුමා සතුව කොකෝවා අැට ගබඩා කරපු විශාල ගබඩාකාමරයක් තිබ්බා.මේ කාලය යුරෝපයේ දේශගවේෂණය අාරම්භ වු කාලය.නව ලොවක් සොයා දේශ ගවේෂ්‍ණය කළ ස්පාඤඤ ජාතිකයින් මෙක්සිකෝවටත් ගොඩබැස්සා.ඒහිදී ඔවුන්ට මෙම අපුරු පානය ගැන දැනගන්නට ලැබුණා.ඔවුන් ගෙන් ස්පාඤඤ රජුට  කොකෝවා ලැබුණි.ඔවුන් කොකෝවා පානයේ තිත්ත රසය අඩු කරගැනීමට සීනි ඒක් කළා.ඊටපස්සේ ඔවුන් මධ්‍යම අැමරිකානු නිවර්තන වැසිවනාන්තර වල පිහිටි කොකෝවා අැට තම රටට අානයනය කර ගත්තා.

මෙම රස රහස අනෙකුත් යුරෝපානු රටවලට දැනගැනීමට ලැබුනේ ස්පාඤඤය සය භාවිත් කිරීම අරඹා අවුරුදු 100ක් පමණ ගතවුණාට පස්සෙයි.ස්පාඤඤයේ මරියා තෙරේසා කුමරිය ප්‍රංශයේ 14 වන ලුවී රජු සමග විවාහ වී ප්‍රංශයට ගියාට පස්ෙස් අැයත් සමග මෙම අපූරු පානය ප්‍රංශයට ද ලැබුණා.ඊටපස්ෙස් තවත් යුරෝපියානු රටවලටද අැමරිකානු රටවලටද මෙම පානය ව්‍යාප්ත වුණා.ස්කොටිලන්තය නෙදර්ලන්තය හා අැමරිකාව හරහා චොකලටි පානය තව තවත් වැඩි දියුණු වුණා.ලෙව පළමු වරට අාහාරයට ගත හැකි අාකාරයෙන් ඝනකමින් යුක්ත චොකලටි නිෂ්පාදනය කලේ ඒංගලන්තයේ ජෝ්සප්  ප්‍රයි කියන චොකලට් සමාගම.

නෙදර්ලන්ත ජාත්ක කෝනාර්ඩ් වැන් හුටන් නැමැත්තා විසින් කොකෝවා පවුඩර් සෑදීමට හැකි යන්ත්‍රයක් නිර්මාණය කළා.ඉන්පසු තවත් විවිධ ද්‍රව්‍යද  ඒ කිය්නනේ අාමන්ඩි රටකජු අාදිය ඊට මිශ්‍ර කරලා ඉතා රසවත් චොකලට් නිපදවීම ලොව පුරා රටවල්වල අාරම්භ කළා.




ඔබ දන්නවාද??


  •    අැමරිකා ඒක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ චොකලට් වර්ල්ඩ් නමින් ඉතා දැවැන්ත චොකලට් ප්‍රදර්ශනාගාරයක් තියෙනවා.විනෝද චාරිකාවක් යනවා වගේ මෙහි අැතුළත අැවිද යමින් චොකලටි නිෂ්පාදනය කරන ක්‍රියාවලිය නැරඹීමටද තමන්ටම කුඩා චොකලට් ඒකක් සාදා අත්හදා බැලීමටද අවස්ථාවක් තියෙනවා.මෙය නරඹන්න වසරකට සංචාරකයෝ මිලියන ගණනක් මෙහි පැමිණෙනවා.
  •    චොකලට්වල මුඛයේ හටගන්නා බැක්ටීරියාවලට ඒරෙහිව සටන් කළ හැකි රසායනිකයක් අඩංගුයි.මේ නිසා චොකලට් අාහාරයට ගැනීම දන්ත සෞඛ්‍යට හිතකර බව පැවසේ.
  •         චොකලට් අාහාරයට ගැනීමෙන් හෘදයාබාධ වැළදීමේ අවධානම අඩුවන බව පර්යේෂන මගින් සොයා  ගෙන තියෙනවා.
  •       චෙිකලට් වල සුවද මගින් මනසට සැහැල්ලුවක් ගෙන දෙන මොළයේ තීටා තරංග වැඩිදියුණු කරන බවද පර්යේෂන මගින් සොයා  ගෙන තියෙනවා.
  •        කිලෝ ග්‍රෑම් 450කින් යුතු චොකලට්ටුවක් නිපදවීමට කෙකෝවා අැට 400ක් පමණ භාවිතා කරනවා.
  •       ලොව ලොකුම චොකලටිටුව 2015 වසරේදී ෙක්‍රායේෂියාවේදී නිපදවන ලද අතර ඒහි බර කිලෝ ග්‍රෑම් 5792ක් විය.
  •       අැමරිකානු සහ රුසියානු ගගනගාමින් අභ්‍යවකාශයට ගෙන ගිය ද්‍රව්‍ය අතර චොකලට්ද ඒක් වූ  බව පැවසේ.
  •    කොකෝවා නෙළීමට අප්‍රිකානු රටවල කුඩා ළමුන් වෙහෙසන බව නමි ෙමම චෙකලට් නිෂ්පාදනයේ අමිහිරි දුක්බර කතාවක්.අප්‍රිකානු රටවල කොකෝවා වතු වල සේවය සදහා ළමා වහලුන් රැසක් යොදා ගන්න බව අැසීමට නමි ඔබ කවුරුත් කැමති නැතුව අැති.නමුත් අප අකමැති ඒවැනි දේද චොකලට් නිෂ්පාදනයේදී සිදුවෙනවා.



Tuesday, August 2, 2016

පක්ෂී රජදහනේ වේගයෙන් පියෑඹිය හැකි පක්ෂියා


              පෙරිග්‍රීන් උකුස්සා  පක්ෂී ලෝකයේ වේගයෙන්ම පියෑඹිය හැකි පක්ෂියා වේ.මෙම උකුස්සාගේ විද්‍යාත්මක නාමය Falco peregrinus වන අතර      Animalia රාජධානියට අයත් වේ.මෙම පක්ෂියා  Falconidae කුලයට අයත් වන  අතර  වර්ගය     Falco වේ.පැයට කිලෝමීටර් 389 ක උපරිම වේගයකින් පියෑඹීමේ හැකියාවක් පෙරිග්‍රීන් උකුස්සාට පවතී.මේ පක්ෂියාගේ හිස කළු පැහැතිය.පිටුපස පෙදෙස නිල් හා අළු මිශ්‍ර වේ.සිරුරේ යට කොටස සුදු පැහැයක් ගනී.ඉහළ කදුකර ප්‍රදේශවල මෙන්ම නිවර්තන වැසි වනාන්තර අාශ්‍රිතව බහුලව මෙම පක්ෂියා වාසය කරයි.34-58 cm ක් පමණ ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර පියාපත් 74-120cm පමණ දිගුය.පක්ෂි ලෝකයේ විස්මිත නිර්මාණයක් වන පෙරිග්‍රීන් උකුස්සන් උතුරු අැමරිකාවේ හා උතුරු මෙක්සිකෝවේ වැඩිවශයෙන් දක්නට ලැබේ.
     





Sunday, July 31, 2016

සොබාදම් අසිරිය












වන ගොමු තුරුලතා
සිසිලස ෙදෙයි ලෝකයට
වන සිව්පා සතුන්
විස්මිත කරවයි මුළු ලොවම
විහගුන් සමනලුන්  සුන්දර කරවයි මුළු ලොවම
මින්සුනි ඔබ අැයි වනසන්ෙන් මෙලොව

ගංගා දියඅැලි මනරම් ලෙස
ගලනවා නේද
ගස්වැල් සියල්ල සැමදේ
සපයනවා නේද
සොබාදහම මෙලොවේ
පැවැත්ම රකිනවා නේද
මිනිසුනි ඔබ අැයි
මෙය නොසිතන්ෙන් කිමද

සෙිබාදහම දෙවියන් දුන් තෑග්ගකි
ඒය රැක ගැනීම
අප සැමගේ යුතුකමකි
මතු පරපුරේ යහපත ගැන සිතනවනම්
ඒය පණ මෙන් රැකීම
ඔබ සැම දෙන කළ යුතු වේ


Saturday, July 30, 2016

ප්‍රේමය













මගේ සිත් අහස
ඔබ ගැන මවනා
සිහින ඔබ දන්නවානම්
සත්තයි ඔබ මගේ ලොවට
පායනවා සත්තයි

මගේ නෙතු පියන්
ඔබ ගැන දකිනා
සිතුවම් ඔබ දන්නවානම්
සත්තයි ඔබ මගේ ලොවට
පායනවා සත්තයි

මගේ සිත් අහසට
අානන්දනීය වූ
ඔබේ සද පායනා තුරු
මම මග බලා ඉන්නවා සත්තයි

Thursday, July 28, 2016

අතීතය....














බැලූවෙමි දසත සොයා ගැනීමට නොහැක                                                                    
මතකයන් පමණක් ඉතිරි කර                                                                                  
රොකොට්ටු සබ්මැරීන සේ                                                                                      
වේගයෙන් අතුරුදහන් වී                                                                                          
අඳුරු සෙවනැලි සිතෙහි රඳවා                                                                                  
නෙතට නොපෙනෙන මානයට                                                                                    
අවතීර්ණය වී                                                                                                            
නොඇසූ කන් ඇතිව සිටී