Tuesday, August 2, 2016

පක්ෂී රජදහනේ වේගයෙන් පියෑඹිය හැකි පක්ෂියා


              පෙරිග්‍රීන් උකුස්සා  පක්ෂී ලෝකයේ වේගයෙන්ම පියෑඹිය හැකි පක්ෂියා වේ.මෙම උකුස්සාගේ විද්‍යාත්මක නාමය Falco peregrinus වන අතර      Animalia රාජධානියට අයත් වේ.මෙම පක්ෂියා  Falconidae කුලයට අයත් වන  අතර  වර්ගය     Falco වේ.පැයට කිලෝමීටර් 389 ක උපරිම වේගයකින් පියෑඹීමේ හැකියාවක් පෙරිග්‍රීන් උකුස්සාට පවතී.මේ පක්ෂියාගේ හිස කළු පැහැතිය.පිටුපස පෙදෙස නිල් හා අළු මිශ්‍ර වේ.සිරුරේ යට කොටස සුදු පැහැයක් ගනී.ඉහළ කදුකර ප්‍රදේශවල මෙන්ම නිවර්තන වැසි වනාන්තර අාශ්‍රිතව බහුලව මෙම පක්ෂියා වාසය කරයි.34-58 cm ක් පමණ ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර පියාපත් 74-120cm පමණ දිගුය.පක්ෂි ලෝකයේ විස්මිත නිර්මාණයක් වන පෙරිග්‍රීන් උකුස්සන් උතුරු අැමරිකාවේ හා උතුරු මෙක්සිකෝවේ වැඩිවශයෙන් දක්නට ලැබේ.
     





3 comments:

  1. මටත් පෙරිග්‍රීන් සේ සරන්නට හැකි නම් නුබ පුරා..................

    ReplyDelete
  2. සාමාන්‍ය දැනීමට වැදගත් තොරතුරක් ඒකතු වුණා

    ReplyDelete