ලොව විශාලතම සත්වයා-නිල් තල්මසා
ලොව වෙසෙන විශාලතම සත්වයා වූ
නිල්තල්මසා කරදියවාසියකු වුවත් ක්ෂිරපායි සත්වයෙකි.විද්‍යාත්මක නාමය Balanoptera musculus වේ.නිල් තල්මසාගේ ්දිව මෙට්‍රික්
ටොන් 2.7ක් පමණ බරැතිය.හෘදය කිලෝග්‍රෑම් 600ක් පමණ වේ.නිල් තල්මසාගේ
විශාලත්වය දිග මීටර් 30ක් පමණ වන අතර බර මෙට්‍රික් ටොන් 180කි.
ලොව විශාලතම ගොඩබිම සත්වයා-අප්‍රිකානු අලියා
ලොව විශාලතම ගොඩබිම සත්වයා වන්නේ අප්‍රිකානු
අලියායි.විද්‍යාත්මක නාමය-Loxo donta වේ.දැවන්ත බව නිසාම අප්‍රිකානු අලියාට සාමාන්‍යයෙන් ස්වභාවික සතුරන්
නැත.ඒහෙත් අලුත උපන් පැටවුන් සමහර අවස්ථාවල සිංහයන්ගේ හා කිඹුලන්ගේ ප්‍රහාරවලට
ගොදුරු වේ.පිරිමි අලියෙකු දිගින් මීටර් 6 සිට 7.5 අතර වේ.උරහිස් දක්වා උස මීටර්
3.3 කි.බර ටොන් 6ක් පමණ වේ.ගැහැණු සත්වයෙකුගේ දිග මීටර් 5.4 සිට 6.9 අතර වේ.උරහිස් දක්වා උස මීටර් 2.7ක්
පමණය.බර ටොන් 3ක් පමණ වේ.
ලොව විශාලතම ගොඩබිම් මාශ භක්ෂකයා-හිම වලසා සහ කෝඩියැක් වලසා
වාර්තා වී අැති බරැතිම හිම වලසා කිලෝග්‍රෑම්
1003ක් පමණ වූ අතර දුඹුරු වලසා කිලෝග්‍රෑම් 1135 ක් විය.කෝඩියැක් වලසා යනු
දුඹුරු වලසාගේ උප විශේෂයකි.හිම වලසාගේ විද්‍යාත්මක නාමය Ursus maritimus ය. කෝඩියැක් වලසාගේ විද්‍යාත්මක
නාමය Ursus arctos ය.දේහ ප්‍රමාණයෙන් මොවුන් දෙදෙනා ඒක
සමාන බැවින් මොවුන් දෙදෙනා අතුරින් වඩා විශාල කවුරුන්දැයි නිශ්චිතව පැවසීමට
නොහැකිය.මේ
විශේෂයන් දෙෙක්ම උරහිස් දක්වා උස මීටර් 1.6ට වැඩි වන අතර සම්පූර්ණ
දිග මීටර් 3.65ක් පමණ වේ.ලොව විශාලතම පක්ෂියා-පැස්බරා
පැස්බරාගේ විදාත්මක නාමය Struthio camelus වේ.දැනට ජීවත්වන විශාලතම පක්ෂියා
වන පැස්බරා අප්‍රිකාවේ සිට අරාබිය දක්වා වූ තැනිතලාවල වාසය කරයි.ගොඩබිම ජීවත්වන
වේගවත්ම පක්ෂියා හා වේගවත්ම ද්විපාද සත්වයා යන වාර්තා දෙකටම හිමිකම් කියන්නේ
මේ පක්ෂියාය.පිරිමි පැස්බරකු උසින් මීටර් 2.8ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 156ට
වැඩිය.පැස්බර බිත්තරයක් කිලෝ 1.4ක් පමණ වේ.
ලොව බරැතිම පියාඹන පක්ෂියා-ඩැලිමේෂියන් පැස්තුඩුවා
ඩැලිමේෂියන්
පැස්තුඩුවාගේ විද්‍යාත්මක නාමය Renecanud crispus ය.පැස්තුඩු කුලයේ සාමාජිකයෙකු වන මේ පක්ෂියා බිත්තර දැමීම සදහා නැගෙනහිර යුරෝපයේ
සිට ඉන්දියාව හ චීනයේ වගුරු බිම් හා නොගැඹුරු විල් වලට පැමිණේ.සාමාන්‍ය දිග
සෙන්ටිමීටර් 160-180 ත් අතර වේ.පියාපත් දිග හල විට මීටර් 3 ඉක්මවා යයි.මොවුන්ගේ
මධ්‍යයන බර අනුව ලොව බරැතිම පක්ෂියා ලෙස සලකන නමුත් විශාල පිරිමි බස්ටඩි පක්ෂින්
හා හංසයන් පැස්තුඩුවාගේ උපරිම බර ඉක්මවා යන අවස්ථා අැත.
ලොව විශාලතම උරගයා-කරදිය කිඹුලා
කරදිය කිඹුලාගේ විද්‍යාත්මක
නාමය Crocodylus
porosus ය.කරදිය කිඹුලා අවස්ථාව ලැබෙන තුරු බලා සිට
දඩයම් කරන්නෙකි.උෟ තම බල ප්‍රදේශයට අැතුලු වන ඔ්නෑම සතෙකු පාහේ ජලයේදී හෝ
ගොඩබිමේදි ග්‍රහණයට ගනී.කරදිය කිඹුලාගේ විශාලත්වය වැඩුණු පිරිමි කිඹුලකු බරින්
කිලෝ ග්‍රෑම් 409 සිට 1000 අතර වේ.දිගින් මීටර් 4.1 සිට 5.5 පමණ වේ.කෙසේ
වෙතත් මීටර් 6ට වඩා පරිනත කිඹුලන් වාර්තා වී අැති අතර බරින් කිලෝග්‍රෑම් 1000
ඉක්මවයි.
ලොව විශාලතම සර්පයා-කොළ අැනකොන්ඩා
කොළ අැනකොන්ඩාගේ
විද්‍යාත්මක නාමය Eunectes murinus ය.උරග ගෝත්‍රයේ
වෙසෙන දැවැන්තම සත්වයෙකු ලෙස කොළ අැනකොන්ඩා හැදින්වේ.නිවර්තන වැසි වනාන්තරවල
ගංගාශි්‍රතව මොවුන් ජීවත් වේ.අග්නිදිග අාසියාවේ වෙසෙන රෙටිකාටුලේටඩි පිඹුරා
අැනකොන්ඩාට වඩා දිගින් යුක්ත වන නමුත් සිහින් කදකින් යුක්ත වන බැවින් ලොව
විශාලතම සර්පයාට හිම් ස්ථානය කොළ අැනකොන්ඩාට හිමිව අැත.විශාලත්වය තහවුරු කරගත්
උපරිම දිග මීටර් 7.5ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 250කි.ඒහෙත් කට කතාවලට අනුව
මීට වඩා විශාල අැනකොන්ඩාවුන් දැක අැති බවට වාර්තා පළ වේ.