මේ ලොවේ මිල කළ නාෙහැකි ඒකායන අමිල වූ සෙනහස වන්නේ මාපිය සෙනෙහසයි.දසමසක් කුස දරා අප මෙලොවට බිහි කළ අපගේ මෑණියන් අනන්ත අප්‍රමාණ වූ සෙනහසක් සිතේ දරාගෙන තම දරුවන් වෙනුවෙන් අැයගේ මුලු ජීවිතයම කැපකරයි.බිලිදු අවධියේ පටන් දරුවන්ව අාදරෙයන් රැක බලාගෙන දරැවන්ට අවහ්‍ය සැප සම්පත් නොඅඩුව ලබා දීමට දිවා රෑ නොබලා පියාණන් වෙහෙසෙන්නේ දාරක ස්නේහය හද පත්ලෙහි දරාගෙනය.
තම දරුවෙක් හට ලෙඩක් දුකක් අසනීපයක් කරදරයක් වුණාම අපේ මව්පියන් අප වෙනුවෙන් කරන කැපවීම සුළු පටු වූවක් නොවේ.කුඩා අවධියේ පටන් අපගේ කැත කුණු අතගා අපව කවා පොවා පෝෂණය කිරිමට අපගේ මෑණියන් ගත් පරිශ්‍රමය මෙලොව කිසිවකට සම කළ නොහැකිය.තම දරුවන්ව අධ්‍යාත්මික වශෙයන් පෝෂණය කිරීම උදෙසා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට මව්පියන් තරම් මෙලොව කිසි කෙනෙකු වෙහෙසෙන්නේ නැත.
වත්මන් සමාජය තුළ මහළු නිවාස වැඩි ප්‍රමාණයක් ඉදිවි අැත්තේ දරැවන් නිසි ලෙස තම මව්පියන් රැකබලා නොගන්නා නිසාවෙනි.සමාජයේ උසස් නිලතල දරන සමහර පිරිස් වයස්ගතවූ තම මහළු මව්පියන් මහළු නිවාස වෙත ගෙන ගොස් දමන්නේ සිත්පිත් නැත්තවුන් ලෙසය.ඔවූහු කෙදිනක හෝ තමා අද සමාජයේ ඉහළ තැනකට පැමිණියේ තම මව්පියන් නිසා බව මොහොතකටවත් සිතුවෝද.
මොහොතක් සිතා බලන්න බිලිදු වියේ පටන් අපව අාදරයෙන් රැකබලාගත් මව්පියන්ට වර්තමාන දරුවන් ප්‍රතිඋපකාර දක්වන්නේ මේ අාකාරයටද අප සමාජය තුළ යම් දියුණුවක් ලැබුවේ නම් ඒ් සියල්ල අපට ලැබුණේ අපගේ මව්පියන් නිසා බව කෙදිනකවත් අමතක නොකළ යුතුය.
මෑතකදී අන්තර්ජාලය ඔස්සේ තම මහළු මව්පියන්ව වයස් ගත වු පසු නොසලකන දරුවන් කිහිපදෙනෙක් ගැන වාර්තාවිය.තම මහළු මව්පියන්ව බලුකූඩුවල වැසිකිලි කාමර වල හිර කිරීමට තරම් වත්මන් මිනිසා සිත් පිත් නොමැතිව කෘරවන බව ඔවුන් ක්‍රියාවෙන් සමාජයට ඔප්පු කර අවසන්ය.
දරුවන් වශෙයන් අප සියලු දෙනාම අපගේ මව්පියන් හට සෑමදිනකම නිසි ගෞරවය ලබාදිය යුතුය.තම මව්පියන් වයස්ගතවූ පසුද ඔවුන්ව අාදරෙයන් රැකබලාගෙන ඔවුන්ට නිසි ලෙස සැලකීම දරුවන් වන අප සැමගේ පරම යුතුකම වන්නේය.
No comments:
Post a Comment