මේ ලෝකය නිර්මාණය වී ඇත්තේ සුර්ය රශ්මියෙන් හා මා පිය සෙනෙහසින් බව කවුරුත් දන්නා කරුණකි.පුංචි දරුවන් හට කිසිදු දෙයක බරක් පතලක් තේරුමක් නැහැ.පුංවි දරුවෝ හරියට කුරුලූ පැටවි වගේ. කිචි බිචි සද්දේ ඔවුන් ඉන්න සෑම තැනකම දෝංකාරය දෙනවා. හිතේ කිසිදු බරක් පතලක් නොමැතිව මෙි හිනාවෙන දරුවන් තමන්ගේ අනාගත ලෝකය දකින්නේ තමන්ගේ දෙමවිපියන් තුළිනි. මෙි ලෝකයේ මා පිය සෙනෙහස අහිමි වු දරුවන් කොපමණ ප‍්‍රමාණයක් ජිිවත් වනවා ද දෙමවිපියන්ගේ වැරදි නිසා මෙි ලෝකයේ බොහෝ දරුවන් ප‍්‍රමාණයක් අසරණ බාවයටද පත් විිී ඇත. මේ කතාවත් එහෙම අසරණවූ පුංචි දැරියක් ගැන කතාවක්.
මවිපියන්ගේ බලාපොරොත්තු සඵල කරමින් ඔවුන්ගේ කැදැල්ලට අලුත් අමුත්තියක් එකතු වුනා.ඇයගෙන් දිස් වන්නාවු අහිංසක බාවය නිසාම මවිපිය දෙපළ ඇයට අහිංසා යන නම තැබීය.වැඩිමහල් සහෝදරයෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සි වුන අහිංසාට පවුලේ සෑම දෙනාගෙන්ම උතුරා ගිය සෙනෙහසක් හා ආදරයක් ලැබිණි.අහිංසා කුඩා කාලයේ සිටම මවිපිය දෙදෙනාගෙන්ම සැබෑ ආදරයක් ඇයට නොඅඩුව හිමිවුනි.අහිංසාගේ මව ගෙදර දරුවන් බලාකියාගෙන හිටපු සාමිප‍්‍රදායික මවක්.අහිංසාගේ පියා ගුරුවරයෙක්.
අහිංසා වයසින් වැඩෙන කුඩා අවධියේ පටන්ම සුන්දර වයසින් මුහුකුරා ගිය රුවක් ඇය තුළින් දිස්වුනා.එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය අවුරුදු දහයක් තරමි පුංචි වයසකදී වැඩිවියට පත් වුනා.අහිංසාගේ අමිමාට දියණියගේ වැඩිවියට පත් වීම ලොකු සතුටක් වුනත් අහිංසාට ඒ පිළිබදව දැනුමක් තේරුමක් නොමැති නිසා ඇගේ මව නිතරම ඇය පිළිබදව විමසිල්ලෙන් පසු විය.ඒත් දෛවයේ සරදමකට මෙන් අහිංසාගේ් අමිමාට ඒ සතුට වැඩි දවසක් භුක්ති විදීමට හැකි වුයේ නැහැ.අහිංසා වැඩිවියට පත් වී මසක් ගත වීමටත් ප‍්‍රථම අහිංසාගේ අමිමා හෘදයාබාධයකින් අහිංසාවයි අයියවයි මෙි ලෝකේ තනි කරලා දාලා නොයෙන ගමනක් යනවා.මවගේ වියෝවත් සමගම අහිංසාට ඥාති මිත‍්‍රාදින්ගෙන් අසන්නට ලැබුන විවිධ නෝක්කාඩු තේරුම් ගන්නා තරම් අහිංසාගේ හිත මුහුකුරා ගොස් තිබුණේ නැහැ.
ඒකිගෙන් අමිමට අපල ඇති ඒකනෙ ඔහොම වුනෙ එකී ලොකු ළමයෙක් වෙලා මාසයයි අම්මා මළා මෙවැනි වචන අහිංසාගේ කනට ඇසුණාට ඇයි එහෙම කියන්නේ හා වදන් තේරුමි ගැනීමෙි හැකියාවක් ඇයට නොවීය.මන්දයත් ඇය එම වචන තේරුමි ගැනීමට තරමි ප‍්‍රමාණවත් වයසක නොවීය.අනේ ඒ පුංචි නොදරුවා මොනවා කරන්නද අමිමා නැති වුනේ හෘදයාබාධයකින් කියලා වෛද්‍යවරු කතා කරද්දි හිත මිත‍්‍රාදින් නෝක්කාඩු කිවිවෙි පුංචි අහිංසාට.
ඒ වන විට අහිංසාගේ අයියා ඉගෙනගත්තේ නේවාසිකව නතර වෙලා.අමිමත් නැති අහිංසාට පාලූවත් එක්ක ඇගේ සහෝදරයාගේ අඩුව පුංචි හිතට ගොඩාක් තදින් දැනුනා.අයියා ගෙදර එන්නේද පාසල් නිවාඩුවකට පමණි.පාලූව තනිකම කුඩා අහිංසාට ප‍්‍රබලව දැනුණා.මවගේ මරණයත් සමගම අහිංසාගේ අත්තමිමා එම නිවසේ නතර වුනා.නමුත් අත්තමිමාටද එම නිවසේ වැඩි කලක් සිටීමට හැකි වුයේ නැහැ.අමිමාගේ තුන්මාසේ දානෙන් පස්සේ අහිංසාගේ තාත්තා වෙන කෙනෙක්ව කසාද බැන්දා.අහිංසාගේ කුඩමිමාත් ගුරුවරියක්.මුල් දවස් වල නමි කුඩමිමා අහිංසාවයි අයියාවයි ආදරයෙන් බලා ගත්තා.ඔහොම ඉන්නකොට අවුරුද්දකට පස්සේ අහිංසාගේ කුඩමිමාට දරුවෙක් ලැබුනා.ඒ ලැබුනු නංගීත් එක්ක ගෙදර පරිසරය එන්න එන්නම වෙනස් වුණා.අහිංසා පාසල් යනවාට කුඩමිමා එචිචර කැමැත්තක් දැක්වුයේ නැහැ.
කුඩමිමා නිතරම බැලුවෙි අහිංසා ලවිවා වැඩ කරගන්න.කුඩා නංගිගේ රෙදි පවා සේදුවෙි අහිංසා.ගෙදර කොචිචර වැඩ කරත් අහිංසාට නමි කුඩමිමාගෙන් නමි සැනසීමක් තිබුනේ නැහැ.පොඩි දෙයටත් කුඩමිමා අහිංසාට හරියට ගැහුවා.ඒ හැමදේම ඉවසගෙන අහිංසා කොහොම හරි පාසල් ගියා.කුඩමිමා ඉගැන්නුවෙත් අහිංසා අධ්‍යාපනය ලැබුව පාසලේමයි.ඒ නිසා අහිංසාට සිදු කරන මෙම වෙනස්කමි අහිංසා පාසලේ වෙනත් ගුරුවරුන්ට කියයි කියා කුඩමිමා හිටියෙි ටිකක් බයෙන්.ඔහොම කාලය ගත වෙද්දි කුඩමිමාට තවත් දරුවෙක් ලැබුනා.ඒ ලැබුනේ පුතෙක්. කුඩමිමාගේ දරුවන් දෙන්නාගේම වැඩ කරන්න වුනේ මෙි පුංචි අහිංසාට.මෙි ලැබුණ අලූත් දරුවා නිසා අහිංසාගේ පියා පාසල් නිවාඩුවකට ගෙදර එක්ක ආව අහිංසාගේ අයියාව එක නිවාඩුවකටවත් ගෙදර එක්කන් ආවෙි නැහැ.අයියාව බලන්න යනවටත් කුඩමිමා එචිචර කැමති වුනේ නැහැ.තාත්තා හදිස්සියේවත් අහිංසාගේ අයියාව බලන්න ගියොත් කුඩමිමා නිතරම අහිංසාගේ තාත්තාට දොස් කියනවා.කුඩමිමා හරිම නපුරුයි.
අහිංසා ගෙදර කොචිචර වැඩපළ කළත් මොකක් හරි පුංචි වැරැුද්දක් අල්ලගෙන අහිංසාට දසවද දුන්නා.අහිංසා ඉගෙන ගන්නවටත් කුඩමිමා කැමති වුනේ නැහැ.අහිංසා ඉස්කෝලේ යනවටත් කුඩමිමා කැමති වුනේ නැහැ.ඉස්කෝලේ යනවට අහිංසාගේ සුදුගවුමි පවා පිචිචුවා.අහිංසාගේ ඉස්කෝලේ ගමන නතර කරන්න කුුඩමිමා නොකරපු දෙයක් නැහැ.අහිංසාගේ තාත්තා අහිංසාට ඉස්කෝලේ යන්න සල්ලි දුන්නේ කුඩමිමාට හොරෙන්.ඉස්කෝලේ යන්න ඔින කියලා අහිංසා ඇඩුවම කුඩමිමා කිවිවෙි උඹ ඉගෙන ගත්තා කියලා රට අල්ලන්නද ගෙදරට වෙලා පොඩි එවුන් බලාගෙන හිටපන් කියලා කිවිවා.අහිංසාගේ තාත්තා ඒවාට මුකුත් කිවිවෙි නැහැ.ගෙදර ආධිපත්‍ය තිබුනේ කුඩමිමාගේ අතේ.අහිංසාගේ තාත්තාට වචනයක්වත් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ.
කුඩමිමාගේ කෙනෙහෙලිකමි එක්ක අහිංසාට ජීවිතේ එපා වෙලා හිටියේ.ඒ දේවල් එක්ක අහිංසාට ජීවිතේ නැති කරගන්න තරමි හිතුණු වෙලාවල් අනන්තයි.අහිංසාට හරියට කෑමක් බීමක් වත් ලැබුනේ නැහැ.කුඩමිමලා මෙිසෙට වාඩි වෙලා කෑම කද්දි අහිංසාට කෑම කන්න දුන්නේ කුස්සියේ.දවසක් නංගීට හදපු කෑම එකෙන් අහිංසා පොඩිඩක් කෑවා කියලා එදා අහිංසාට කොස්ස කැඩෙනකන් කුඩමිමා ගැහුවා.කුඩමිමාගේ තාඩන පීඩන වල කෙළවරක් තිබුනේ නැහැ.පුංචි වරදකට වුනත් කුඩමිමාගේ හිතේ තරහ යනකන්ම අහිංසාට ගහනවා.අහිංසාට ටිකක් හරි සැනසීමක් තිබුනේ ඉස්කෝලේ ගියහම විතරයි.
ඒ වෙනකොට අහිංසාට පාසලේ පිරිමි ළමයෙක් එක්ක පේ‍්‍රම සමිබන්ධයක් ඇතිවුනා.මෙි පේ‍්‍රම සමිබන්ධය පටන් ගන්න මූලික හේතුව වුනේ කුඩමිමාගෙන් අහිංසාට සිදුවුන තාඩන පීඩනයි.මෙි පිරිමි ළමයගේ නම කසුන්.කසුන් ගෙදර වෙන හැමදේම දැනගෙන හිටියේ.කසුන් අහිංසාට ගොඩක් උදවි කරා.කුඩමිමා ගහපු පාරවල් පෙන්නලා අහිංසා අඩනකොට කසුන් අහිංසාගේ හිත හැදුවා.කසුන්ගේ සහ අහිංසාගේ පේ‍්‍රම සමිබන්දය ගැන අහිංසාගේ තාත්තාට ටික ටික ඉව වැටෙන්න පටන් ගත්තා.දවසක් ඒ පිරිමි ළමයා දීපු ලියුමක් කුඩමිමාට අහුවුනා.එදා අහිංසා හොඳටම ගුටි කෑවා.කොල්ලෙක් එක්ක යාලූ වුනා කියලා කුඩමිමා අහිංසාගේ අත කැඩෙන්න ගැහුවා.
ඒ ප‍්‍රශ්නයත් එක්කම අහිංසාගේ තාත්තාට කේලමි කියලා අහිංසාගේ පාසල් ගමන නතර කරන්න කුඩමිමා බොහෝ උත්සහයන් දැරුවා.අහිංසාගේ තාත්තා කුඩමිමා කියපු හැමදේම විශ්වාස කරා.අහිංසාව ඉස්කෝලේ නොයවා තියාගෙන කුඩමිමාගේ ළමයි බලා ගත්තා.පොඩිඩ බැරි වෙනකොට අහිංසාට අතට අහුවෙන එකකින් තලන එක තමයි කුඩමිමා කරන්නේ.
අහිංසාට තමන්ගේ ගෙදර අපායක් බවට පත්වුනා.පාසල් නොයෑම හා අහිංසාගේ පියාගේ හා කුඩමිමාගේ තර්ජන හමුවෙි අහිංසාගේ ප්‍රෙම සමිබන්ධයද හිටි හැටියේම නතර වුනා.අහිංසාට අවසානයේ මෙි ලෝකයේ කවුරුත් නොමැතිව තනි වීමට සිදුවුනා.අහිංසාගේ තාත්තා තමන්ගේ බිරිඳගේ වියෝවත් එක්ක පුංචි එවුන් දෙන්නටම මවි සෙනෙහස ඔින නිසා ගෙදර කැන්දගෙන ආපු කුඩමිමා දරුවන්ට වෙනස් කමක් කරාවි යැයි හීනෙකින්වත් නොසිතන්නට ඇත.කුඩමිමා තමන්ගේ දරුවන්ට සැප ලබා දී අමිමා නැති අසරණ අහිංසාගෙන් වැඩකාරකමි කර ගත්තේ දරු දුක කියන දේ ඇගේ සිතක කොනකවත් නොතිබූ නිසාවෙනි.අහිංසාගේ කුඩමිමා දහස් ගණන් දරුවන්ගේ නෙත් පාදන ගුරුවරියක්.ගුරුවරියක් කියන්නේ කුසින් වදාපු අමිමගෙන් පස්සේ ආදරය දෙන අමිමා.පාසලේදි දරුවෝ දිහා ආදරයෙන් බලන කුඩමිමා ගෙදර ආපුුවම අහිංසා දිහා බැලූවෙි කරුමෙට ඉපදුනු කාලකණ්ණි කෙල්ලෙක් දිහා බලන විදිහට.
අහිංසාගේ තාත්තා දෙවැනි විවාහයක් කර ගත්තේ අත්තමිමාට මෙි දරුවෝ ලොකු වෙනකොට බලාගන්න අමාරු නිසා.විශේෂයෙන් අහිංසා එ් වෙනවිට වැඩිවියට පත්වුන දියණියක් නිසා.ඒත් අවසානයේ අහිංසාට උරුම වුනේ මහමෙරක් තරමි ආදරයක් වෙනුවට තාඩන පීඩනත් එක්ක ඒ ගෙදර මෙහෙකාරියක් වෙලා ජීවත් වෙන්න.
ජීවිතයේ කටුක බව අහිංසාගේ ජිවිතය වෙළා ගන්නට සමත් විය.අහිංසාට මවගේ ආදරය අහිමි වුණා මෙන්ම ඇයට පියාගේ ආදරයද සමිපූර්ණයෙන්ම කුඩමිමා විසින් අහිම් කරන ලදී.මෙි කටුක ලෝකයෙන් මිදීමට ඇයට අවශ්‍ය විය.අවසානයේ ඇය බුදු හිමි දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන ඇයගේ ජීවිතයට ආලෝකයක් එක් කර ගැනීමට සමත් විය.
අහිංසා සියලූ දුක් කරදර අමතක කර මෙහෙණින් වහන්සේ නමක් වීමට සිත සකසා ගන්නා ලදී.අනතුරුව ඇය ආරාමයක ප‍්‍රධාන මෙහෙණින්වහන්සේ කෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් විය.පුංචි අහිං.සා දැන් සිල් මාතාවක්.අහිංසාට සුබෝධා සිල් මාතාව ලෙස ආරාමයේ සිටි බොහෝ දෙනා විසින් අමතන ලදී. සුබෝධා සිල් මාතාව තම කුඩමිමාට මෛතී‍්‍ර කරන්නීය.තම පියාට හා සකල විධ ලෝකී ජනයාට මෛත‍්‍රී කරන්නීය.කාලයාගේ ඇවෑමෙන් ඇය ආරාමයේ සිට අධ්‍යාපනය හොඳින් හදාරා දහසක් දරුවන් බොහෝ දෙනෙක්ගේ නෙත් පාදන ගුරුවරියක් ලෙස කටයුතු කරනු ලබයි.
පුංචි සිත හරිම හයියයි.මෙි වගේ දේවල් වලින් සිත රිදවගෙන ගෙඟ් මුහුදේ පනින දරුවන් අතරේ අහිංසා කියන්නේ පුදුම විදිහට සිත ශක්තිමත් දරුවෙක්.පුංචි අහිං.සා දැන් බුදුන් දෙසූ ධර්මය අවබෝධ කරගත් සිල් මාතාවක්.අහිංසා තම ජීවිතයට ලැබුණ කටුක අත්දැකීමි තුළින් තම ජීවිතය සාර්ථක හා ආලෝකමත් කර ගැනීමට අවශ්‍ය මං පෙත් විවර කර ගත්තාය.අහිමි වූ මවි සෙනෙහස හමුවෙි පුංචි අහිංසා ජීවිතය ආලෝක කරගත් ආකාරය සැමටම ආදර්ශයකි.
good
ReplyDelete