Sunday, July 31, 2016

සොබාදම් අසිරිය












වන ගොමු තුරුලතා
සිසිලස ෙදෙයි ලෝකයට
වන සිව්පා සතුන්
විස්මිත කරවයි මුළු ලොවම
විහගුන් සමනලුන්  සුන්දර කරවයි මුළු ලොවම
මින්සුනි ඔබ අැයි වනසන්ෙන් මෙලොව

ගංගා දියඅැලි මනරම් ලෙස
ගලනවා නේද
ගස්වැල් සියල්ල සැමදේ
සපයනවා නේද
සොබාදහම මෙලොවේ
පැවැත්ම රකිනවා නේද
මිනිසුනි ඔබ අැයි
මෙය නොසිතන්ෙන් කිමද

සෙිබාදහම දෙවියන් දුන් තෑග්ගකි
ඒය රැක ගැනීම
අප සැමගේ යුතුකමකි
මතු පරපුරේ යහපත ගැන සිතනවනම්
ඒය පණ මෙන් රැකීම
ඔබ සැම දෙන කළ යුතු වේ


Saturday, July 30, 2016

ප්‍රේමය













මගේ සිත් අහස
ඔබ ගැන මවනා
සිහින ඔබ දන්නවානම්
සත්තයි ඔබ මගේ ලොවට
පායනවා සත්තයි

මගේ නෙතු පියන්
ඔබ ගැන දකිනා
සිතුවම් ඔබ දන්නවානම්
සත්තයි ඔබ මගේ ලොවට
පායනවා සත්තයි

මගේ සිත් අහසට
අානන්දනීය වූ
ඔබේ සද පායනා තුරු
මම මග බලා ඉන්නවා සත්තයි

Thursday, July 28, 2016

අතීතය....














බැලූවෙමි දසත සොයා ගැනීමට නොහැක                                                                    
මතකයන් පමණක් ඉතිරි කර                                                                                  
රොකොට්ටු සබ්මැරීන සේ                                                                                      
වේගයෙන් අතුරුදහන් වී                                                                                          
අඳුරු සෙවනැලි සිතෙහි රඳවා                                                                                  
නෙතට නොපෙනෙන මානයට                                                                                    
අවතීර්ණය වී                                                                                                            
නොඇසූ කන් ඇතිව සිටී
                 

Wednesday, July 27, 2016

ශිෂ්‍යත්ව ව්බාගය










ඒක වසරෙ ඉදන්

පහ වසර ෙවෙනකන් 

ළමයින් හෙම්බත්  කරන

අම්මලා ටියුෂන් යන

අම්මලා තරග කරන

අරුම පුදුම ව්බාගය...




Saturday, July 23, 2016

සිතුම් පැතුම්














හදෙහි ඉපදී
විටක ඉටුවන
හදෙහි ඉපදී
ඒහිම මියයන
ජීවිත සයුරේ
නිහඩ රළ පෙළ



Thursday, July 21, 2016

කදුළ











දුකටත්
සතුටටත්
නෙතින්
වැටෙනා
නෙතින්
ගලනා
මිනිස්
හැගුමන්


Wednesday, July 20, 2016

ආදරය....













සසර සයුරෙහි
භවයෙන් භවේ
ජීවන මං තෙරේ
දෙහදක සිතිවිලි
යා කරන
සොඳුරු බැදීමක
නොමියෙන මතකයන්
ජීවත් කරවන
සංසාර බැදීමේ
අරුමය
අාදරයයි.....

Saturday, July 16, 2016

දරුවන්ට ලෙඩ දුක් කරදර වුණාම ඔබ කරන කැපවීම මහ මෙරක් තරම්



මේ ලොවේ මිල කළ නාෙහැකි ඒකායන අමිල වූ සෙනහස වන්නේ මාපිය සෙනෙහසයි.දසමසක් කුස දරා අප මෙලොවට බිහි කළ අපගේ මෑණියන් අනන්ත අප්‍රමාණ වූ සෙනහසක් සිතේ දරාගෙන තම දරුවන් වෙනුවෙන් අැයගේ මුලු ජීවිතයම කැපකරයි.බිලි‍දු අවධියේ පටන් දරුවන්ව අාදරෙයන් රැක බලාගෙන දරැවන්ට අවහ්‍ය සැප සම්පත් නොඅඩුව ලබා දීමට දිවා රෑ නොබලා පියාණන් වෙහෙසෙන්නේ දාරක ස්නේහය හද පත්ලෙහි දරාගෙනය.
තම දරුවෙක් හට ලෙඩක් දුකක් අසනීපයක් කරදරයක් වුණාම අපේ මව්පියන් අප වෙනුවෙන් කරන කැපවීම සුළු පටු වූවක් නොවේ.කුඩා අවධියේ පටන් අපගේ කැත කුණු අතගා අපව කවා පොවා පෝෂණය කිරිමට අපගේ මෑණියන් ගත් පරිශ්‍රමය මෙලොව කිසිවකට සම කළ නොහැකිය.තම දරුවන්ව අධ්‍යාත්මික වශෙයන් පෝෂණය කිරීම උදෙසා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට මව්පියන් තරම් මෙලොව කිසි කෙනෙකු වෙහෙසෙන්නේ නැත.
වත්මන් සමාජය තුළ මහළු නිවාස වැඩි ප්‍රමාණයක් ඉදිවි අැත්තේ දරැවන් නිසි ලෙස තම මව්පියන් රැකබලා නොගන්නා නිසාවෙනි.සමාජයේ උසස් නිලතල දරන සමහර පිරිස් වයස්ගතවූ තම මහළු මව්පියන් මහළු නිවාස වෙත ගෙන ගොස් දමන්නේ සිත්පිත් නැත්තවුන් ලෙසය.ඔවූහු කෙදිනක හෝ තමා අද සමාජයේ ඉහළ තැනකට පැමිණියේ තම මව්පියන් නිසා බව මොහොතකටවත් සිතුවෝද.
මොහොතක් සිතා බලන්න බිලිදු වියේ පටන් අපව අාදරයෙන් රැකබලාගත් මව්පියන්ට වර්තමාන දරුවන් ප්‍රතිඋපකාර දක්වන්නේ මේ අාකාරයටද අප සමාජය තුළ යම් දියුණුවක් ලැබුවේ නම් ඒ් සියල්ල අපට ලැබුණේ අපගේ මව්පියන් නිසා බව කෙදිනකවත් අමතක නොකළ යුතුය.
මෑතකදී අන්තර්ජාලය ඔස්සේ තම මහළු මව්පියන්ව වයස් ගත වු පසු නොසලකන දරුවන් කිහිපදෙනෙක් ගැන වාර්තාවිය.තම මහළු මව්පියන්ව බලුකූඩුවල වැසිකිලි කාමර වල හිර කිරීමට තරම් වත්මන් මිනිසා සිත් පිත් නොමැතිව කෘරවන බව ඔවුන් ක්‍රියාවෙන් සමාජයට ඔප්පු කර අවසන්ය.
දරුවන් වශෙයන් අප සියලු දෙනාම අපගේ මව්පියන් හට සෑමදිනකම නිසි ගෞරවය ලබාදිය යුතුය.තම මව්පියන් වයස්ගතවූ පසුද ඔවුන්ව අාදරෙයන් රැකබලාගෙන ඔවුන්ට නිසි ලෙස සැලකීම දරුවන් වන අප සැමගේ පරම යුතුකම වන්නේය.


Friday, July 15, 2016

සිනමා තිරය මත මිනිස් ජීවිතය සිතුවම් කළ සත්‍යජිත් රායි


       සත්‍යජිත් රායි  යනු  ඉන්දියානු බෙංගාලි චිත‍්‍රපට නිමැවුම්කරුවෙකි.විසිවන සියවසෙහි සිනමාව තුළ උසස් ශිල්පීන් අතරින් එක් අයෙකු ලෙස ඔහු සලකනු ලැබේ.රායි සිනමා අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් යන අංශ ති‍්‍රත්වයේ වැදගත් කාර්යබාරයක් ඉටු කර ඇත ඉන්දියාවේ කල්කටා නගරය තුළ රායි උපත ලැබුවේ කලා හා සාහිත්‍ය ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රසිද්ධත්වයක් ඉසිලූ බෙංගාලි පවුලකය.වාණිජමය කලාකරුවෙකු ලෙසින් තම වෘත්තීය ජීවිතය ඇරඹු රායි ස්වාධීන චිත‍්‍රපට නිපැයීම වෙත ඇදී ගියේ ප‍්‍රංශ චිත‍්‍රපට නිපැයුමිකරුවෙකු වූ ජෝන් රෝනියර්ගේ හමුවීම සහ ලන්ඩන් නගරයේදී පාපැදි හොරා නමි වූ ඉතාලියානු නව යථාර්තවාදි චිත‍්‍රපටය නැරඹීමෙන් පසුවය.සත්‍යජිත් රායිගේ පෙළපත ගැන සලකා බලන විට ඔහුගේ සීයා වු චෞද්රි රායි මහතා දහනවවන සියවසෙහි ලේඛකයෙක්,දාර්ශනිකයෙක්, ආධුනික තාරකා විද්‍යාඥයෙක් හා බෙංගාලයේ ආගමික හා සමාජ ව්‍යාපාරයේ නායකයෙක් විය.සත්‍යජිත්රායිගේ පියා සුකුමාර් රායි වන අතර මව සුප‍්‍රභාරායි වෙි.1921 මැයි 02 වන දින රායි කල්කටා ප‍්‍රදේශයේ උපත ලැබුවෙිය.සත්‍යජිත්රායිට අවුරුදු තුනක් පමණ වන විට සුකුමාර් රායි මිය ගිය අතර පවුලේ සියලූ කටයුතු සුප‍්‍රභා රායිගේ සුලූ ආදායම මත තීරණය විය.රායි සිය අධ්‍යාපනය කල්කටාවෙි බාලිගියුන්ග් රජයට අයත් උසස් පාසල තුළ අධ්‍යාපනය හදාරන ලදී.එමෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ ශාස්ත‍්‍රවෙිදී අධ්‍යාපනය කල්කටාවෙි ජනාධිපති විද්‍යාලය තුළ සිදුකරනු ලබයි.එමෙන්ම ඔහුගේ උනන්දුව ලලිත කලා අංශයට යොමුවු බැවින් කල්කටා විශ්වවිද්‍යාලයට යොමුව අධ්‍යාපනය හදාරනු ලැබීය.වර්ෂ 1940දී ඔහුගේ මව විසින් සත්‍යජිත්රායිව රවීන්ද‍්‍රනාත් තාගොර් විසින් ආරමිභ කරන ලද ශාන්ති නිකේතනයේ පිහිටි විශ්ව භාරතීය විශ්ව විධ්‍යාලයට යොමු කරන ලදී.රායි විසින් ඔරියන්ටල් කලාව අගය කිරීමට ලක් කරන ලදී.ඔහු පසු කාලීනව ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන් වූ නන්දලාල් බෝස්සහ බිහාරි මුකර්ජිගෙන් බොහෝ දේවල් ඉගෙන ගත් බව පවසයි.පසුකාලීනව ඔහු මුකර්ජි ගැන ඔහුගේ අභ්‍යන්තර ඇසින් වාර්තා චිත‍්‍රපටයක් ඉදිරිපත් කරන ලදී.අජන්තා එල්ලෝරා වැනි ඹහුගේ චාරිකා ඉන්දීය කලාව සදහා රායිගේ උනන්දුව තවත් වැඩි කළේය.
        
    1943දී සත්‍යජිත්රායි ඩී.ජේ කෙයිමර් නමි බි‍්‍රතාන්‍ය ප‍්‍රචාරක ඒජන්සියක් යටතේ කනිෂ්ඨ නිර්මාණශිල්පියෙක් ලෙස තම රැුකියාව තුළ නිරත වෙි.එහිදී ඔහු මසකට රුපියල් අසූවක ආදායමක් ලබයි.රායි දෘශ්‍ය නිර්මාණ සදහා වැඩි කැමැත්තක් දක්වන ලදීග මෙම සමාගම තුළ බි‍්‍රතාන්‍ය සේවකයන් හා ඉන්දියානු සේවකයින් අතර ආතතියක් ඇතිවිය. මෙහිදී රායි විසින් පසුව ඩ් කේ ගුප්තා විසින් ආරමිභ කරන ලද සිග්නටි ප්රෙස් නමි මුද‍්‍රණාලය තුළ සේවය කරනඑමෙන්ම එම මුද‍්‍රණාලය තූළ ප‍්‍රකාශයට පත් කරන ලද කෘති සදහා පොත් ආවරණය සදහා මෝස්තර නිර්මාණය කිරීමට රායිට අවශ්‍ය කලාත්මක නිදහස සමිපූර්ණයෙන්ම ලබා දෙන ලදී රායි බොහෝ පොත් සදහා කවර නිර්මාණය කරන ලදී රායි ජිබනාන්දදාස්ගේ  බනලතාසෙන් හා රුපසි බංගල බිබිහුටිබුෂාන් බන්ඩිබපද්යායගේ චන්ඩෙිර් පාහර් කුමාඋන් ජිමි කෝබටිගේ මෙනෙඒටර්ස් සහ ඉන්දියාවෙි ජවහර්ලාල්නේරු සොයාගැනීම ඇතුලූ බොහෝ පොත් සදහා කවර නිර්මාණය කරන ලදී.පාතර් පංචාලි නමි බෙංගාලි නවකතාවෙි නම වෙනස්කරනලද ආමි ඇන්ටියර් බිහෙපු යන කෘතිය සදහාද ආවරණ සැලසුමි ඉදිරිපත් කරන ලදී.රායි මෙය තමන්ගේ පළමු සිනමා නිර්මාණය සදහා විෂය කර ගනී.
       
  විදානන්දදාස් ගුප්තා සහ අනෙකුත් අය සමග එකතු වී සත්‍යජිත්රායි කල්කටාවෙි සිනමා සමාජය 1948දී ආරමිභ කරන ලදී ඔවුන් බොහෝ විදේශීය චිත‍්‍රපට පෙන්වන ලදී රායි විසින් මෙම චිත‍්‍රපට නරඹන අතරම බොහෝ චිත‍්‍රපට අධ්‍යයනය කරන ලදී.දෙවන ලෝක යුද්ධ සමය තුළ ඔහු අමෙරිකානු ජාතික ජී එල් එස් ස්ටේෂන්ඩි නැමති පුද්ගලයා සමග මිතුරු වෙි එම පුද්ගලයා නගරයේ පෙන්වන ලද නවතම ඇමෙරිකානු චිත‍්‍රපට පිළිබදව රායිට දැනුවත්බාවයක් ලබා දුන්නේය 1949 දී රායි බිජොයා දාස් සමග විවාහ විය ඇය ඔහුගේ කුඩා කල සිටම දන්නා ඥාති සහෝදරියක් විය රායිගේ පුතා සන්දීප් රායි නමි වෙි සන්දීප් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි 1949 දී ප‍්‍රංශ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ජීන් රෙනියර් ඔහුගේ ද රිවර් නමි චිත‍්‍රපටය රූගත කිරීම සදහා කල්කටාවට පැමිණේ සත්‍යජිත්රායි ඔහුට ඉන්දියාව තුළ රූගත කිරීමට අවශ්‍ය දර්ශණ පසුතල සොයා ගැනීමට උදවි කරනු ලබයි රායි විසින් පාතර් පංචාලි සිනමා නිර්මාණය සදහා තමාගේ අදහස රේනීයර්ට කියයි රේනීයර් එම නිර්මාණය සදහා ඔහුව දිරිමත් කරයි, 
      
   1950දී රායිව ඩී ජේ කෙම්යර් විසින් ලන්ඩනය තුළ ප‍්‍රධාන මූලස්ථානයේ රැුකියාවට යවන ලදී ඔහු ලන්ඩනය තූළ මාස තුනක් ගත කරනු ලබයි රායි චිත‍්‍රපට 99ක් නරඹන ලදී 1948 දී වික්ටෙි්රියා ද සිකා විසින් නිර්මාණය කරන ලද පාපැදි හොරා නමි චිත‍්‍රපටය රායි විසින් නරඹන ලදී මෙම චිත‍්‍රපටය රායි තූළ චිත‍්‍රපට නිර්මාණය සදහ බලපෑමක් ඇතිකරන ලදී රායි පසුකාලීනව පවසා සිටියේ ඔහු එම සිනමා නිර්මාණය නැරඹීමෙන් පසුව සිනමා ශාලාවෙන් පිටවූයේ චිත‍්‍රපට තැනීමෙි අධිෂ්ඨානයෙන් බවයි.
  
 සත්‍යජිත්රායිගේ පළමු චිත‍්‍රපටියේ පදනම ලෙස 1928දී ඉන්දියානු ජාතික ලේඛක බිභූතිභූෂාන් බන්දෝපාද්‍යයාගේ පාතර් පංචාලි නමි බෙංගාලි සමිභාව්‍ය සාහිත්‍ය නවකතාව භාවිතා කරනු ලබයි මෙය හා අපූගේ ලෝකය පාදක කොට ගෙන අපූ ති‍්‍රත්වය ලෙස රායි විසින් චිත‍්‍රපට තුනක් නිර්මාණය කරනු ලබයි ඒවා නමි පාතර් පංචාලි අපරාජිතයෝ ඔපු සංසාර් යන චිත‍්‍රපටයි මෙම චිත‍්‍රපට බෙංගාල ප‍්‍රදේශයේ කුඩා ළමයෙකුගේ වැඩීම විස්තර කරයි. 
     
    පාතර් පංචාලි චිත‍්‍රපටයේ කැමරාකරණය සුබ‍්‍රතා මිත‍්‍ර විසින් හා කාලා අධ්‍යක්ෂණය බන්සි චන්ද‍්‍රගුප්ත විසින් සිදු කරන ලදී 1952 දී පාතර් පංචාලි රූගත කිරීම ආරමිභ කරනු ලබයි ආධුනික රංගන ශිල්පින් මෙහි රංගනයේ නිරත වෙයි රායි තමන්ගේ පෞද්ගලික ඉතුරුමි මගින් රූගත කිරිම ආරමිභ කරයි   නමුත් රූගත කිරිම සාර්ථක වුයේ නොමැත එහි ප‍්‍රතිඵලයක් ලෙස රායි විසින් අවුරුදු 3ක් පුරාවටම පාතර් පංචාලි චිත‍්‍රපටය රූගත කිරිම සිදු කරන ලදි.   
     
   මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු අනිල්  චෞදරි  මහතා අභ්‍යන්තර අර මුදල් මගින්   චිත‍්‍රපටය රූගත කිරිම සිදු කරන ලදි රායි විසින් රූගත කරන ලද දර්ශනයක් ඇමරිකානු අධ්‍යක්ෂවරයෙකු වූ ජොන් හුස්ටන්ටන්ට පෙන්වන ලදි හුස් ටන් විසින් නිවියොක් නුතන කලා කෞතුකාගාරයට මෙම චිත‍්‍රපටයේ දක්ෂතා දක්වයි මෙි හේතුවෙන් බටහිර බෙංගාලි රජයේ අරමුදල්  රායිට ලැබෙි රායි විසින් චිත‍්‍රපටය රූගත කිරිම සමිපුර්ණ කරනු ලබයි පාතර් පංචාලි චිත‍්‍රපටය කෑන්ස් චිත‍්‍රපට උළලේ හොදම මානූෂීය වාර්තා චිත‍්‍රපටය යන සමිමානය සහ අන්තර්ජාතික චිත‍්‍රපට උළෙල වලදී අන්තර්ජාතික සමිමාන 11ක් දිනාගෙන ඇත සත්‍යජිත්රායි විසින් අනතුරුව අපරාජිතයෝ චිත‍්‍රපටය නිර්මාණය කරන ලදී අපරාජිතයෝ අපූ නැමති තරුණයා සහ ඔහුට ආදරය කරන ඔහුගේ මවගේ අභිලාෂයන් අතර සදාකාලික අරගලය නිරඋපනය කරනු ලබයි අපරාජිතයෝ වැනිසියේ චිත‍්‍රපට උලෙළදී ස්වර්ණ සිංහයා සමිමානය දිනා ගනී අපු ති‍්‍රත්වය චිත‍්‍රපටය නිර්මාණය සමිපූර්ණ කිරීමට පෙර රායි විසින් තවත් චිත‍්‍රපට 2ක් තිරගත කරනු ලබයි ඔ්වා නමි ප‍්‍රරාරෂ් පාතර් හා ජල්සාග්හර් යන චිත‍්‍රපටයි 1959 දී රායි විසිනි ඔපූර් සංසාර් චිත‍්‍රපටය නිර්මාණය කරනූ ලබයි. 
        
   රායිගේ සිනමා කෘති දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ ඒවායේ ඇති විවිධත්වයයි ඔහුගේ මුල්ම කෘතිය වන පාතර් පංචාලි චිත‍්‍රපටයේ කාව්‍යමය ගතිලක්ෂණ දැකගත හැක ඊටපසු නිපදවූ පොරෝෂ් පතර් හාස්‍යජනක උපහාසාත්මක චිත‍්‍රපටයක් යැයි කිව හැක රවීන්ද‍්‍රනාත් තාගොර් පිළිබද වාර්තා චිත‍්‍රපටයක්ද ඊට පසු ශුපිගේ සහ හාඝාගේ වීර කි‍්‍රයා යන නමින් නැටුමි ගැයුමි ඇතූළත් අත්භූත රසයෙන් යුත් චිත‍්‍රපටයක්ද රායි නිපදවා ඇත ප‍්‍රතිවන්දි සහ ජොන අනෙන්‍ය යන චිත‍්‍රපට ඉන්දියාවෙි දේශපාලන හා සමාජ ප‍්‍රශ්න දක්වනු ලබයි මොනිහාර් ශොනාර් කොල්ලා ශත්රන්ජ් කේ කිලාරි යන චිත‍්‍රපටද රායි විසින් නිර්මාණය කරනු ලබයි 1962 නිපදවූ කන්චන්චුන්ගා චිත‍්‍රපටය සමකාලීන ඉන්දියානු මධ්‍යම පන්තිය දෙස එබී බැලීමකි අභිජාන් චිත‍්‍රපටයද රායි විසින් 1962 දී නිර්මාණය කරයි රායි විසින් නිර්මාණය කරනලද මහනගර් චිත‍්‍රපටයද සමකාලීන ඉන්දියානු ජීවිතය පිළිබිඹු කරයි 1964 දී තාගොර්ගේ කතාවක් ඇසුරින් නිපදවන ලද චාරුලතාද විශිෂිට සිනමා නිර්මාණයකි ඔශානි ශන්කේත් නායක් යන චිත‍්‍රපටද රායි විසින් නිර්මාණය කරන ලදී 1969දී ඔර්නෙර් දින් රාති‍්‍ර යන චිත‍්‍රපටද රායි විසින් නිරිමාණය කරන ලද උසස් සිනමා නිර්මාණයකි. 
       
   ඉන්දියාවෙි ජාතික චිත‍්‍රපට සමිමානය රායිට හිමිවෙි 1979 දී 11 වැනි මොස්කවි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ගෞරවනීය සමිමානයක් ලබා ගන්නා ලදී බර්ලින් චිත‍්‍රපට උළෙලදී හොදම අධ්‍යක්ෂවරු තිදෙනෙක්ට හිමිවන සිල්වර් බෙයර් සමිමානය හිමිවෙි එමෙන්ම ගෝල්ඩන් බෙයර් සමිමානය සදහා හත්වරක් නමි නිර්දේශ වී ඇත වැනිසියේ සිනමා උළෙලදී 1956 නිර්මාණය කරන ලද අපරාජිතයෝ සිනමා නිර්මාණය සදහා 1982 දී ස්වර්ණ සිංහයා සමිමානය දිනා ගනී එම වසරේදීම රායි කේන්ස් චිත‍්‍රපට උළෙලදී ගෞරව සමිමානයෙන් පිදුමි ලබයි.ඉන්දියානු රජයේ භාරත රත්න සමිමානයෙන් රායි පිදුමි ලබයි.1992 දී ඔස්කාර් සමිමානයෙන් සත්‍යජිත්රායි පිදුමි ලබයි.2007 වර්ෂයේදී මෝටර් ෆිල්මි සගරාවෙි රායි ශේෂ්ඨතම අධ්‍යක්ෂවරු 100 දෙනාගේ ලැයිසිතුවටද ඇතුළත් කර ඇත.1992 අපේ‍්‍රල් 23 කල්කටාවෙි බටහිර බෙංගාලි ප‍්‍රදේශයේදීි මෙි මහ සිනමා තරුව මෙලොවින් සමුගත්තේය. 

සිතුවිලි



නිසල හදවතට
මාෙහාෙතින් මාෙහාෙත පැමිණ
ඒක් තැනක නාෙපවතින
විටක වේගෙයන් දිව ගාෙස්
නිමේෂයකින් වෙනස් වී
හදවතේ විටින් විට
සක්මන් කරන
විටක හදවතේම ඉපිද
හදවතේම මිය යන
තවත් මොහොතක ඉටුවී
මල් ඵල ගැන්වෙන
මිනිස් සිත හසුරැවන
කදිම මායාවක්ය

Sunday, July 10, 2016

අහිමි වූ මා පිය සෙනෙහස


   
  මේ ලෝකය නිර්මාණය වී ඇත්තේ සුර්ය රශ්මියෙන් හා මා පිය සෙනෙහසින් බව කවුරුත් දන්නා කරුණකි.පුංචි දරුවන් හට කිසිදු දෙයක බරක් පතලක් තේරුමක් නැහැ.පුංවි දරුවෝ හරියට කුරුලූ පැටවි වගේ. කිචි බිචි සද්දේ ඔවුන් ඉන්න සෑම තැනකම දෝංකාරය දෙනවා. හිතේ කිසිදු බරක් පතලක් නොමැතිව මෙි හිනාවෙන දරුවන් තමන්ගේ අනාගත ලෝකය දකින්නේ තමන්ගේ දෙමවිපියන් තුළිනි. මෙි ලෝකයේ මා පිය සෙනෙහස  අහිමි වු දරුවන් කොපමණ ප‍්‍රමාණයක් ජිිවත් වනවා ද දෙමවිපියන්ගේ වැරදි නිසා මෙි ලෝකයේ බොහෝ දරුවන් ප‍්‍රමාණයක් අසරණ බාවයටද පත් විිී ඇත. මේ කතාවත් එහෙම අසරණවූ පුංචි දැරියක් ගැන කතාවක්.
    මවිපියන්ගේ බලාපොරොත්තු සඵල කරමින් ඔවුන්ගේ කැදැල්ලට අලුත් අමුත්තියක් එකතු වුනා.ඇයගෙන් දිස් වන්නාවු අහිංසක බාවය නිසාම මවිපිය දෙපළ ඇයට අහිංසා යන නම තැබීය.වැඩිමහල් සහෝදරයෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සි වුන අහිංසාට පවුලේ සෑම දෙනාගෙන්ම උතුරා ගිය සෙනෙහසක් හා ආදරයක් ලැබිණි.අහිංසා කුඩා කාලයේ සිටම මවිපිය දෙදෙනාගෙන්ම සැබෑ ආදරයක් ඇයට නොඅඩුව හිමිවුනි.අහිංසාගේ මව ගෙදර දරුවන් බලාකියාගෙන හිටපු සාමිප‍්‍රදායික මවක්.අහිංසාගේ පියා ගුරුවරයෙක්.
    අහිංසා වයසින් වැඩෙන කුඩා අවධියේ පටන්ම සුන්දර වයසින් මුහුකුරා ගිය රුවක් ඇය තුළින් දිස්වුනා.එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය අවුරුදු දහයක් තරමි පුංචි වයසකදී වැඩිවියට පත් වුනා.අහිංසාගේ අමිමාට දියණියගේ වැඩිවියට පත් වීම ලොකු සතුටක් වුනත් අහිංසාට ඒ පිළිබදව දැනුමක් තේරුමක් නොමැති නිසා ඇගේ මව නිතරම ඇය පිළිබදව විමසිල්ලෙන් පසු විය.ඒත් දෛවයේ සරදමකට මෙන් අහිංසාගේ් අමිමාට ඒ සතුට වැඩි දවසක් භුක්ති විදීමට හැකි වුයේ නැහැ.අහිංසා වැඩිවියට පත් වී මසක් ගත වීමටත් ප‍්‍රථම අහිංසාගේ අමිමා හෘදයාබාධයකින් අහිංසාවයි අයියවයි මෙි ලෝකේ තනි කරලා දාලා නොයෙන ගමනක් යනවා.මවගේ වියෝවත් සමගම අහිංසාට ඥාති මිත‍්‍රාදින්ගෙන් අසන්නට ලැබුන විවිධ නෝක්කාඩු තේරුම් ගන්නා තරම් අහිංසාගේ හිත මුහුකුරා ගොස් තිබුණේ නැහැ.
   ඒකිගෙන් අමිමට අපල ඇති ඒකනෙ ඔහොම වුනෙ එකී ලොකු ළමයෙක් වෙලා මාසයයි අම්මා මළා මෙවැනි වචන අහිංසාගේ කනට ඇසුණාට ඇයි එහෙම කියන්නේ හා වදන් තේරුමි ගැනීමෙි හැකියාවක් ඇයට නොවීය.මන්දයත් ඇය එම වචන තේරුමි ගැනීමට තරමි ප‍්‍රමාණවත් වයසක නොවීය.අනේ ඒ පුංචි නොදරුවා මොනවා කරන්නද අමිමා නැති වුනේ හෘදයාබාධයකින් කියලා වෛද්‍යවරු කතා කරද්දි හිත මිත‍්‍රාදින් නෝක්කාඩු කිවිවෙි පුංචි අහිංසාට.
   ඒ වන විට අහිංසාගේ අයියා ඉගෙනගත්තේ නේවාසිකව නතර වෙලා.අමිමත් නැති අහිංසාට පාලූවත් එක්ක ඇගේ සහෝදරයාගේ අඩුව පුංචි හිතට ගොඩාක් තදින් දැනුනා.අයියා ගෙදර එන්නේද පාසල් නිවාඩුවකට පමණි.පාලූව තනිකම කුඩා අහිංසාට ප‍්‍රබලව දැනුණා.මවගේ මරණයත් සමගම අහිංසාගේ අත්තමිමා එම නිවසේ නතර වුනා.නමුත් අත්තමිමාටද එම නිවසේ වැඩි කලක් සිටීමට හැකි වුයේ නැහැ.අමිමාගේ තුන්මාසේ දානෙන් පස්සේ අහිංසාගේ තාත්තා වෙන කෙනෙක්ව කසාද බැන්දා.අහිංසාගේ කුඩමිමාත් ගුරුවරියක්.මුල් දවස් වල නමි කුඩමිමා අහිංසාවයි අයියාවයි ආදරයෙන් බලා ගත්තා.ඔහොම ඉන්නකොට අවුරුද්දකට පස්සේ අහිංසාගේ කුඩමිමාට දරුවෙක් ලැබුනා.ඒ ලැබුනු නංගීත් එක්ක ගෙදර පරිසරය එන්න එන්නම වෙනස් වුණා.අහිංසා පාසල් යනවාට කුඩමිමා එචිචර කැමැත්තක් දැක්වුයේ නැහැ.
    කුඩමිමා නිතරම බැලුවෙි අහිංසා ලවිවා වැඩ කරගන්න.කුඩා නංගිගේ රෙදි පවා සේදුවෙි අහිංසා.ගෙදර කොචිචර වැඩ කරත් අහිංසාට නමි කුඩමිමාගෙන් නමි සැනසීමක් තිබුනේ නැහැ.පොඩි දෙයටත් කුඩමිමා අහිංසාට හරියට ගැහුවා.ඒ හැමදේම ඉවසගෙන අහිංසා කොහොම හරි පාසල් ගියා.කුඩමිමා ඉගැන්නුවෙත් අහිංසා අධ්‍යාපනය ලැබුව පාසලේමයි.ඒ නිසා අහිංසාට සිදු කරන මෙම වෙනස්කමි අහිංසා පාසලේ වෙනත් ගුරුවරුන්ට කියයි කියා කුඩමිමා හිටියෙි ටිකක් බයෙන්.ඔහොම කාලය ගත වෙද්දි කුඩමිමාට තවත් දරුවෙක් ලැබුනා.ඒ ලැබුනේ පුතෙක්. කුඩමිමාගේ දරුවන් දෙන්නාගේම වැඩ කරන්න වුනේ මෙි පුංචි අහිංසාට.මෙි ලැබුණ අලූත් දරුවා නිසා අහිංසාගේ පියා පාසල් නිවාඩුවකට ගෙදර එක්ක ආව අහිංසාගේ අයියාව එක නිවාඩුවකටවත් ගෙදර එක්කන් ආවෙි නැහැ.අයියාව බලන්න යනවටත් කුඩමිමා එචිචර කැමති වුනේ නැහැ.තාත්තා හදිස්සියේවත් අහිංසාගේ අයියාව බලන්න ගියොත් කුඩමිමා නිතරම අහිංසාගේ තාත්තාට දොස් කියනවා.කුඩමිමා හරිම නපුරුයි.
     අහිංසා ගෙදර කොචිචර වැඩපළ කළත් මොකක් හරි පුංචි වැරැුද්දක් අල්ලගෙන අහිංසාට දසවද දුන්නා.අහිංසා ඉගෙන ගන්නවටත් කුඩමිමා කැමති වුනේ නැහැ.අහිංසා ඉස්කෝලේ යනවටත් කුඩමිමා කැමති වුනේ නැහැ.ඉස්කෝලේ යනවට අහිංසාගේ සුදුගවුමි පවා පිචිචුවා.අහිංසාගේ ඉස්කෝලේ ගමන නතර කරන්න කුුඩමිමා නොකරපු දෙයක් නැහැ.අහිංසාගේ තාත්තා අහිංසාට ඉස්කෝලේ යන්න සල්ලි දුන්නේ කුඩමිමාට හොරෙන්.ඉස්කෝලේ යන්න ඔින කියලා අහිංසා ඇඩුවම කුඩමිමා කිවිවෙි උඹ ඉගෙන ගත්තා කියලා රට අල්ලන්නද ගෙදරට වෙලා පොඩි එවුන් බලාගෙන හිටපන් කියලා කිවිවා.අහිංසාගේ තාත්තා ඒවාට මුකුත් කිවිවෙි නැහැ.ගෙදර ආධිපත්‍ය තිබුනේ කුඩමිමාගේ අතේ.අහිංසාගේ තාත්තාට වචනයක්වත් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ.
    කුඩමිමාගේ කෙනෙහෙලිකමි එක්ක අහිංසාට ජීවිතේ එපා වෙලා හිටියේ.ඒ දේවල් එක්ක අහිංසාට ජීවිතේ නැති කරගන්න තරමි හිතුණු වෙලාවල් අනන්තයි.අහිංසාට හරියට කෑමක් බීමක් වත් ලැබුනේ නැහැ.කුඩමිමලා මෙිසෙට වාඩි වෙලා කෑම කද්දි අහිංසාට කෑම කන්න දුන්නේ කුස්සියේ.දවසක් නංගීට හදපු කෑම එකෙන් අහිංසා පොඩිඩක් කෑවා කියලා එදා අහිංසාට කොස්ස කැඩෙනකන්  කුඩමිමා ගැහුවා.කුඩමිමාගේ තාඩන පීඩන වල කෙළවරක් තිබුනේ නැහැ.පුංචි වරදකට වුනත් කුඩමිමාගේ හිතේ තරහ යනකන්ම අහිංසාට ගහනවා.අහිංසාට ටිකක් හරි සැනසීමක් තිබුනේ ඉස්කෝලේ ගියහම විතරයි.
    ඒ වෙනකොට අහිංසාට පාසලේ පිරිමි ළමයෙක් එක්ක පේ‍්‍රම සමිබන්ධයක් ඇතිවුනා.මෙි පේ‍්‍රම සමිබන්ධය පටන් ගන්න මූලික හේතුව වුනේ කුඩමිමාගෙන් අහිංසාට සිදුවුන තාඩන පීඩනයි.මෙි පිරිමි ළමයගේ නම කසුන්.කසුන් ගෙදර වෙන හැමදේම දැනගෙන හිටියේ.කසුන් අහිංසාට ගොඩක් උදවි කරා.කුඩමිමා ගහපු පාරවල් පෙන්නලා අහිංසා අඩනකොට කසුන් අහිංසාගේ හිත හැදුවා.කසුන්ගේ සහ අහිංසාගේ පේ‍්‍රම සමිබන්දය ගැන අහිංසාගේ තාත්තාට ටික ටික ඉව වැටෙන්න පටන් ගත්තා.දවසක් ඒ පිරිමි ළමයා දීපු ලියුමක් කුඩමිමාට අහුවුනා.එදා අහිංසා හොඳටම ගුටි කෑවා.කොල්ලෙක් එක්ක යාලූ වුනා කියලා කුඩමිමා අහිංසාගේ අත කැඩෙන්න ගැහුවා.
      ඒ ප‍්‍රශ්නයත් එක්කම අහිංසාගේ තාත්තාට කේලමි කියලා අහිංසාගේ පාසල් ගමන නතර කරන්න කුඩමිමා  බොහෝ උත්සහයන් දැරුවා.අහිංසාගේ තාත්තා කුඩමිමා කියපු හැමදේම විශ්වාස කරා.අහිංසාව ඉස්කෝලේ නොයවා තියාගෙන කුඩමිමාගේ ළමයි බලා ගත්තා.පොඩිඩ බැරි වෙනකොට අහිංසාට අතට අහුවෙන එකකින් තලන එක තමයි කුඩමිමා කරන්නේ.
      අහිංසාට තමන්ගේ ගෙදර අපායක් බවට පත්වුනා.පාසල් නොයෑම හා අහිංසාගේ පියාගේ හා කුඩමිමාගේ තර්ජන හමුවෙි අහිංසාගේ ප්‍රෙම සමිබන්ධයද හිටි හැටියේම නතර වුනා.අහිංසාට අවසානයේ මෙි ලෝකයේ කවුරුත් නොමැතිව තනි වීමට සිදුවුනා.අහිංසාගේ තාත්තා තමන්ගේ බිරිඳගේ වියෝවත් එක්ක පුංචි එවුන් දෙන්නටම මවි සෙනෙහස ඔින නිසා ගෙදර කැන්දගෙන ආපු කුඩමිමා දරුවන්ට වෙනස් කමක් කරාවි යැයි හීනෙකින්වත් නොසිතන්නට ඇත.කුඩමිමා තමන්ගේ දරුවන්ට සැප ලබා දී අමිමා නැති අසරණ අහිංසාගෙන් වැඩකාරකමි කර ගත්තේ දරු දුක කියන දේ ඇගේ සිතක කොනකවත් නොතිබූ නිසාවෙනි.අහිංසාගේ කුඩමිමා දහස් ගණන් දරුවන්ගේ නෙත් පාදන ගුරුවරියක්.ගුරුවරියක් කියන්නේ කුසින් වදාපු අමිමගෙන් පස්සේ ආදරය දෙන අමිමා.පාසලේදි දරුවෝ දිහා ආදරයෙන් බලන කුඩමිමා ගෙදර ආපුුවම අහිංසා දිහා බැලූවෙි කරුමෙට ඉපදුනු කාලකණ්ණි කෙල්ලෙක් දිහා බලන විදිහට.
    අහිංසාගේ තාත්තා දෙවැනි විවාහයක් කර ගත්තේ අත්තමිමාට මෙි දරුවෝ ලොකු වෙනකොට බලාගන්න අමාරු නිසා.විශේෂයෙන් අහිංසා එ් වෙනවිට වැඩිවියට පත්වුන දියණියක් නිසා.ඒත් අවසානයේ අහිංසාට උරුම වුනේ මහමෙරක් තරමි ආදරයක් වෙනුවට තාඩන පීඩනත් එක්ක ඒ ගෙදර මෙහෙකාරියක් වෙලා ජීවත් වෙන්න.
    ජීවිතයේ කටුක බව අහිංසාගේ ජිවිතය වෙළා ගන්නට සමත් විය.අහිංසාට මවගේ ආදරය අහිමි වුණා මෙන්ම ඇයට පියාගේ ආදරයද සමිපූර්ණයෙන්ම කුඩමිමා විසින් අහිම් කරන ලදී.මෙි කටුක ලෝකයෙන් මිදීමට ඇයට අවශ්‍ය විය.අවසානයේ ඇය බුදු හිමි දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන ඇයගේ ජීවිතයට ආලෝකයක් එක් කර ගැනීමට සමත් විය.
    අහිංසා සියලූ දුක් කරදර අමතක කර මෙහෙණින් වහන්සේ නමක් වීමට සිත සකසා ගන්නා ලදී.අනතුරුව ඇය ආරාමයක ප‍්‍රධාන මෙහෙණින්වහන්සේ කෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් විය.පුංචි අහිං.සා දැන් සිල් මාතාවක්.අහිංසාට සුබෝධා සිල් මාතාව ලෙස ආරාමයේ සිටි බොහෝ දෙනා විසින් අමතන ලදී. සුබෝධා සිල් මාතාව තම කුඩමිමාට මෛතී‍්‍ර කරන්නීය.තම පියාට හා සකල විධ ලෝකී ජනයාට මෛත‍්‍රී කරන්නීය.කාලයාගේ ඇවෑමෙන් ඇය ආරාමයේ සිට අධ්‍යාපනය හොඳින් හදාරා දහසක් දරුවන් බොහෝ දෙනෙක්ගේ නෙත් පාදන ගුරුවරියක් ලෙස කටයුතු කරනු ලබයි.
   පුංචි සිත හරිම හයියයි.මෙි වගේ දේවල් වලින් සිත රිදවගෙන ගෙඟ් මුහුදේ පනින දරුවන් අතරේ අහිංසා කියන්නේ පුදුම විදිහට සිත ශක්තිමත් දරුවෙක්.පුංචි අහිං.සා දැන් බුදුන් දෙසූ ධර්මය අවබෝධ කරගත් සිල් මාතාවක්.අහිංසා තම ජීවිතයට ලැබුණ කටුක අත්දැකීමි තුළින් තම ජීවිතය සාර්ථක හා ආලෝකමත් කර ගැනීමට අවශ්‍ය මං පෙත් විවර කර ගත්තාය.අහිමි වූ මවි සෙනෙහස හමුවෙි පුංචි අහිංසා ජීවිතය ආලෝක කරගත් ආකාරය සැමටම ආදර්ශයකි.

ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟිනි



ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙස බව පහත කරුණු ඔස්සේ සනාථ කළ හැක. ජනමාධ්‍ය ඉතිහාසය දෙස බැලීමෙන් අපහට ගම්‍ය වන කරුණක් වන්නේ ජනමාධ්‍ය ඉතිහාසය ක‍්‍රමිකව වර්තමානයේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්‍ෂණික සොයාගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙස බවයි. වත්මන් සමාජය තුළ ජනමාධ්‍ය සුවිශේෂි කාර්යබාරයක් ඉටු කරනු ලබන අතර එම බලපෑම ජන මාධ්‍ය මඟින් සමාජයට කළ හැකි වන්නේ තාක්ෂණික සොයා ගැනීම් නිසාවෙනි. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව යන ජනමාධ්‍යන් වර්තමානයේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. එයින් අපට ගම්‍ය වන කරුණ වනන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මගින් වන බවයි.

මුද්‍රණ ශිල්පය ලොව පුරා ප‍්‍රචලිත වන්නේ තාක්ෂණික සොයාගැනීමක් නිසාවෙනි. වර්ෂ 1300 අග භාගය වන විට මුද්‍රණ ශිල්පය යුුරෝපාකාරය වෙතද සංක‍්‍රමණය විය. යුුරෝපීයයෝ ක‍්‍රි.ව. 1423 දී ශාන්ත ක‍්‍රිස්ටෝපර් මුනිඳුන්ගේ රුවක් ලී බ්ලොක් උපයෝගී කර ගෙන මුද්‍රණය කළහ. මෙසේ මුද්‍රණය කළ පොත්වලට විශාල ඉල්ලූමක් පැවති අතර එම ඉල්ලූම සපුරාලීම මහත් ගැටලූවක් විය. මෙම ගැටලූවට විසඳුම් ගෙන ආවේ මුද්‍රණ කටයුතු සඳහා තනි තනිව ගත හැකි වන ලෙසින් නිෂ්පාදනය කෙරුණු අක්ෂර වලිනි. එහි ගෞරවය හිමි වන්නේ ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග්ට ය. වර්ෂ 1440 දී පමණ ලෝහ තහඩු වලින් එක් එක් අක්ෂරය වෙන වෙනම නිෂ්පාදනය කෙරුණු අතර මිදි හා චීස් නිෂ්පාදනයේදී යොදාගත් සම්පීඩන යන්ත‍්‍රයක් සුළු  වෙනස්කම් සිදු කර මුද්‍රණ යන්ත‍්‍රයක් ලෙසින් මුල් වරට ගුටන්බර්ග් විසින් වැඩි දියුණු කර ගන්නා ලදී. මේ ආකාරයට අධික මුද්‍රණාල සංඛ්‍යාවක් යුරෝපය පුරා ව්‍යාප්ත විය. මේ අනුව මුද්‍රණ ශිල්පය ක‍්‍රමිකව තාක්‍ෂණික සොයාගැනීම් ඔස්සේ දියුණු විය. එමෙන්ම ලයිනෝටයිප් මුද්‍රණ යන්ත‍්‍රය හා මොනෝටයිප් මුද්‍රණ යන්ත‍්‍රය නිර්මාණය වීමත් සමඟ තාක්‍ෂණයේ නව පෙරළියක් ඇති විය. ඒ මුද්‍රණ ශිල්පයට නව මං පෙත් විවර වීමෙනි. ප‍්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයකු වන ජෝෂප් නිෂිපෝ නිෂිපේ වර්ෂ 1826 දී ලොව ප‍්‍රථම ජායාරූපය හඳුන්වා දීමත් සමඟම නවීන  ඕෆ්සෙට් මුද්‍රණ ශිල්පයට මං පෙත් විවෘත විය. බි‍්‍රතාන්‍ය ජාතික ටැබට් විසින් වර්ෂ 1852 දී ජායාරූප මුද්‍රණය කිරීමේ තාක්ෂණ ක‍්‍රමවේදයන් සඳහා පේටන්ට් බලපත‍්‍රය හිමි කර ගනු ලැබීය. අනතුරුව අල්පොන්සෝ නැමති ප‍්‍රංශ ජාතිකයා සමතල මුද්‍රණ කරණය ලොවට හªන්වා දුන්නේය. වර්ෂ 1800 අවසන් භාගය වන විට යුරෝපාකාරය පුරා ඔෆ්සෙට් මුද්‍රණාලය බිහි විය. වර්ෂ 1905 දී ඇමරිකානු ජාතික කඩදාසි නිෂ්පාදකයකු හා මුද්‍රණකරුවකු වන රූබෙල් විසින් නවීන  ඕෆ්සෙට් මුද්‍රණය සොයා ගනු ලැබීමත් සමඟ ඔෆ්සෙට් මුද්‍රණය ලොව පුරා ව්‍යාප්ත විය. 

චන්ද්‍රිකා තාක්ෂණයත්, ෆැක්ස් පණිවිඩ හුවමාරු ක‍්‍රමයත් උපයෝගී කර ගෙන එක් ස්ථානයක සකස් කෙරෙන පුවත්පත් පිටු වෙනත් තැනකට දිනපතා යවා පුවත්පත් මුද්‍රණය කිරීමේ ක‍්‍රමවේිදය, පුවත්පත් කාර්මාන්තයේ තවත් ප‍්‍රබල සන්ධිස්ථානයක් විය. 1975 අවසාන භාගය වන විට මෙම මුද්‍රණ ක‍්‍රමය මුල් වරට ආරම්භ විය. වෝල් ස්ටී‍්‍රට් ජර්නල්, යූ.එස්.ඒ ටුඬේ, ඉන්ටර්නැෂනල් හෙරල්ඞ් ටි‍්‍ර බියුන්, ප‍්‍රව්ඩා, හින්දු වැනි පුවත්පත් වලට අමතරව ලොව ප‍්‍රකට ටයිම් සඟරාවේ ප‍්‍රවෘත්ති හා දැන්වීම් පිටු ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිට හොංකොංහි සහ සිංගප්පුරුවේ ඇති මුද්‍රණ අංශ වෙත සතිපතා යවනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. මුද්‍රණ කර්මාන්තය මෙලෙස දියුණුවූයේ ප‍්‍රබල තාක්‍ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම ප‍්‍රබල වූ ජනමාධ්‍යක් වන පුවත්පත බිහිවන්නේ තාක්‍ෂණික පෙරළියක් නිසාවෙනි. එමෙන්ම එය වර්තමානයේ පවතින තත්වයට පත් ව ඇත්තේ තාක්‍ෂණයේ ප‍්‍රතිඵලයක් නිසාවෙනි. මෙයින් පෙනී යන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයාගැනීම් මඟින් වන බවයි.

එමෙන්ම ගුවන්විදුලිය බිහිවන්නේද තාක්ෂණික සොයා ගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙසිනි. 1837 දී සැමුවෙල් මෝස් විසින් නැව් ගමනාගමනය පිළිබඳ සංඥා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෝස් සංඥා ක‍්‍රමය සොයා ගනී. එමෙන්ම රෙනී නම් විද්‍යාඥයා විසින් මයිකෆෝනය සොයා ගනී. එමෙන්ම මයිකල් ෆැරඬේ විසින් විද්‍යුත් චුම්භක ශක්තිය සොයා ගනු ලබයි. රැුහැන් රහිත ක‍්‍රමය හඳුන්වා දෙන්නේද මයිකල් ෆැරඬේ ය. ශබ්දය විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව මුල් වරට සොයා ගන්නා ලද්දේ 1878 භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ජේව්ස් ක්ලාක් මැක්ස්වෙල්ය. ජර්මන් ජාතික හයින්ඩි‍්‍රක් හර්ට්ස් විසින් විද්‍යුත් චුම්භක ශක්තිය වෙන වෙනම හඳුනා ගැනීම පිළිබඳ පර්යේෂණයේ ප‍්‍රතිඵල ලෙස 1888 දී ට‍්‍රාන්ස්මීටරය සොයා ගනී. මෙම පර්යේෂණ තවදුරටත් දියුණු කොට 1890 දී එඞ්වඞ් බ‍්‍රැන්ලේ විසින් ශබ්ද සංඥා එක් රැුස් කර ගත හැකි නළයක් නිෂ්පාදනය කළේය. එය බ‍්‍රැන්ලේ ටියුබ් නම් වේ. ස්ටොනොවිච් පොපොචි විසින් ඒරියලය සොයා ගැනීමට සමත් වේ. මෙම තාක්‍ෂණික සොයා ගැනීම් ගුවන් විදුලියේ බිහිවීමට ප‍්‍රබල ලෙස බලපායි. මෙම සියලූ පර්යේෂණ වැඩි දියුණු කොට ගුවන් විදුලිය නිර්මාණය කළේය. වර්තමානය වන විට ගුවන් විදුලිය මෙසේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්‍ෂණික සොයාගැනීම් ගණනාවක ප‍්‍රතිඵලයක් නිසාවෙනි. මෙම කරුණ ඔස්සේද අපට ගම්‍ය වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් ඔස්සේ වන බවයි.

රූපවාහිනිය බිහිවීමද තාක්‍ෂණයේ නව විප්ලවයක් විය. 1833 දී ජර්මනියේ බර්ලින්හි ජීවත් වූ පෝල් නිප්කාන් නමැති ශිෂ්‍යයා විසින් නිපදවනු ලැබූ ස්කෑනික් ඩිස්ක් ලෝකයේ මුල්ම රූපවාහිනි අත්දැකීම විය. මේ තුළින් රූප පද්ධතියක් විකාශය කිරීම සිදු විය. වර්තමානයේ අප භාවිත කරන රූපවාහිනි මේ දක්වා දියුණු වීමට ඒ.ඒ. කැම්බල් ස්ටීන්ටන් නැමති බි‍්‍රතාන්‍ය ජාතිකයා සොයාගත් බ්‍රේන් නළයත් ඇමරිකානු ජාතික විලෑඩිමිර් ස්වොරින් සොයා ගත් අයිකන් ස්කෝප් නළයත්, 1927 දී රූපවාහිනි තාක්ෂණය, විද්‍යුත් රුපවාහිනි ක‍්‍රමය ලෙස නීත්‍යනූකූල භාවිතයට ගැනීමත් හේතු සාධක විය. ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාඞ් අඩි පහක් දුරට කුරුසයක සෙවනැල්ල සම්පේ‍්‍රෂණය කරමින් අත්හදා බැලීමක් කළේය. ඔහු මුලින්ම රූපවාහිනී තිරයේ පෙන්වා ඇත්තේ බෝනික්කුගේ රුවකි. පසු කලක පෙන්වා ඇත්තේ ටෙන්ටන් නැමති මෙහෙකාර ළමයාය. එය රූපවාහිනියේ දිස් වූ ප‍්‍රථම මිනිස් රුව ලෙස වාර්තාගත වේ. කෙසේ නමුත් රූපවාහිනිය නිර්මාණය කළ වර්ෂය ලෙස පිළිගනු ලබන්නේ 1926 වර්ෂයයි. මෙම තාක්ෂණික සොයා ගැනීම් ඔස්සේ පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මඟින් වන බවයි.

1980 වන විට රූපවාහිනිය එහි ප‍්‍රාථමික තාක්ෂණයත් නූතන දියුණු තාක්ෂණයත් අතර ඇතිවූ ගැටුම නිසා මේ කර්මාන්තයට හිමි මූලික පදනම පවා ප‍්‍රතික්ෂේප කරන තත්වයකට පැමිණි තිබේ. 1985 දී සී.බි.එස්. ආයතනයේ ජේම්ස් රොසෙන්ෆීල්ඞ් ඉතා පැහැදිලිව කීවේ රූපවාහිනි හතරවැනි පරීක්‍ෂාවට ලක්ව ඇති බවයි. එනම් තාක්ෂණයේ පරීක්‍ෂාවයි. ඊට පෙර මුහුණ දුන් පරීක්‍ෂාවන් වන්නේ මාධ්‍යක් ලෙස පිළිගැනීමට ලක් වීම, සංස්කෘතික අන්තර් ග‍්‍රහණය, පරිණතභාවය යන සාධකයන්ය. 1960 සහ 1970 දශකවලදී රූපවාහිනි තාක්‍ෂණය වර්ධනය වූයේ විකාශ කර්මාන්ත නිර්නියාමනයත් සමගය. චන්ද්‍රිකා කේබල්, රූපවාහිනි, වීඩියෝ කැසට් සහ වීඩියෝ ඩිස්ක් පේලේයර් වැනි මාර්ග ඇසුරු කර ගත් නව වැඩසටහන් බෙදා හැරීමේ පද්ධතියක් මෙකල බිහිවීම සිදුවිය. 1962 දී ඇමෙරිකාව සන්නිවේදන චන්ද්‍රිකා පණත සම්සතයත් සමඟ අන්තර්ජාතික රූපවාහිනී පද්ධතිය බිහිවන්නට විය. ටෙල්ස් ටාර් සහ රිලේ වැනි චන්ද්‍රිකා 1963 බිහි වීම නිසා අන්තර්මහාද්වීපක ආවරණ ඇති විය. 1977 දී පි.බී.එස්. පබ්ලික් බ්‍රෝඞ්කාස්ටින් සර්විස් ඉදි කිරීමට ආරම්භ කළ චන්ද්‍රිකා - අන්තර් සම්බන්ධි පද්ධතිය මඟින් චන්ද්‍රිකාවේ සිට කෙළින්ම පොළොවේ මධ්‍යස්ථානය වෙත වැඩසටහන් ළඟා කර ගත හැකි විය. එමඟින් සියලූ පීබීඑස් මධ්‍යස්ථානවලටත් ජාතික මහජන ගුවන් විදුලිය යටත් වැඩ සටහන් බෙදා දීමට පුළුවන. ටෙඞ් ටර්නර් ගේ ජෝජියාවේ ඇට්ලන්ටාවේ පිහිටි ඩබ්පිව්.ටී.බී.එස්. වීවී ආයතනය මගින් දේශීය වැඩසටහන් චන්ද්‍රිකා හරහා කේබල් පේ‍්‍රෂණය කළේ 1979 දීය. 1980 ආරම්භ වන ටර්නර් , කේබල් නිව්ස් නෙට්වර්ක් – සී එන් එන් නම් ප‍්‍රවෘත්ති සේවය රට පුරා ව්‍යාප්ත කළේය. ඉක්මනින් එය ලොව පුරා පැතිර යන්නට විය. චන්ද්‍රිකාවටත් වඩා ඉදිරියට ආ කේබල් ටෙලිවිෂන් නමින් කෙටියෙන් හඳුන්වන සී ඒ ටී වී කමියුනිටි ඇන්ටෙනා ටෙලිවිෂන් ප‍්‍රජා ඇන්ටෙනා රූපවාහිනිය 1960 දී ආරම්භ වී 1970 වන විට දායකයින් ලක්‍ෂ 13 කට වැඩසටහන් සපයන පද්ධති 2500 ක් හිමි විශාල ව්‍යාපාරයක් බවට පත් විය. 1977 දී සන්නිවේදන කොමිසමේ නිර්නියාමන ප‍්‍රතිපත්තිය නිසා පටන් ගත් නරඹන විට මුදල් ගෙවන පේටීවී නැත්නම් එස්ටීවී සබිස්ක‍්‍රිප්ෂන් ටෙලිවිෂන් දායක මුදල් ගෙවන රූපවාහිනිය ලොස් ඇන්ජලීස් සහ ඇමෙරිකාවේ නිව්යොක් නගර දෙකේ පමණක් ආරම්භ විණි. මේ ආකාරයට මෙම සියලූ රූපවාහිනි තාක්ෂණික සොයාගැනීම් බිහිවන්නේ ජනමාධ්‍යන්ගේ සුවිශේෂි පියවරක් ලෙසය. මෙම කරුණු ඔස්සේ බව සනාථ කළ හැක.

එමෙන්ම මේ කාලය වන විට මෝස් සංඥා ක‍්‍රමය ඔස්සේ දුරකථන බිහිවීම සිදුවිය. එනම් මෙසේ සංඥා යැවීමේ ක‍්‍රමය ටැලිග‍්‍රාෆ්ස් යන නමින් හැඳින්වේ. මිනිසාගේ කටහඩ විදුලිය කම්බියක් ඔස්සේ ගෙන යන ටැලිග‍්‍රාෆ්ස් නම් වූ මේ ක‍්‍රමය සොයා ගැනීමෙන් වසර ගණනාවකට පසු දුරකථනය සොයා ගනු ලැබුණි. එහි ගෞරවය හිමි වන්නේ ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් හටය. මෙයින්ද පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයාගැනීම් මඟින් වන බවයි. සන්නිවේදනය නව පිබිදීම සිදුව ඇත්තේ තාක්‍ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. වක‍්‍රව කිවහොත් ජනමාධ්‍යන්ගේ නව පිබිදීමටද තාක්‍ෂණික සොයා ගැනීම් ඉවහල් වී ඇත. පසුගිය දශ වර්ෂ දෙකක කාලය තුළ සන්නිවේදන තාක්‍ෂණය දියුණුවට පත්විය. උදාහරණයක් ලෙස පරිගණකය, වීඩියෝ ෆැක්ස්, චන්ද්‍රිකා, රූපවාහිනිය, අන්තර්ජාතික විදුලි සන්දේශ යන දෑ මෙයට ඇතුළත් වේ. දුරස්ථ චන්ද්‍රිකා සන්නිවේදනය හා සෘජු විකාශන චන්ද්‍රිකා වල සොයා ගැනීම හේතුවෙන් ජනමාධ්‍ය තාක්‍ෂණය ප‍්‍රබල ලෙස දියුණුවට පත්විය.

සිනමාවේ දියුණුව සිදු වීමද තාක්ෂණයේ සිදුවූ විප්ලවයක් ලෙස හැඳින්විය හැක. 16 වන සියවසේ දීඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි කැමරා ඔබ්සිකියුරාව ඔහුගේ චිත‍්‍ර කර්මයන් සඳහා වැඩි දියුණු කරනු ලබයි. ඩාවින්චිගේ සමකාලිනයෙක් වන බතිස්තා දොලාපොර්තා විසින් කැමරා ඔබ්සිකියුරාව සඳහා කාචයක් සම්බන්ධ කර වැඳගත් උපකරණයක් නිර්මාණය කරයි. මේ ආකාරයට පර්යේෂණ රාශීයක ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂ 1826 දී ප‍්‍රංශ ජාතික ජෝෂප් නිසිපෝ නිෂ්පේ විසින් ලෝකයේ පළමුවරට ඡුායාවක් රඳවා ගත හැකි ක‍්‍රමයක් සොයා ගනී. මේ ආකාරයට ඡුායාරූපකරණය බිහිවීම සිදුවූයේ තාක්‍ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු සිදුවූ තාක්‍ෂණික විප්ලවයයේ ප‍්‍රතිඵලයක් ලෙස කැමරාව දියුණු වීම ප‍්‍රධාන වශයෙන් සිදු විය. ඇමෙරිකානු ජාතික විද්‍යාඥයෙකු වූ ජෝර්ජ් ඊස්ට්මන් විසින් 35 පප දළ සේයාපටලය සොයාලනු ලබයි. 1888 දී ජෝර්ජ් ඊස්ට්මන් දළ සේයාපටලය දැමිය හැකි කොඩැක් නම් කුඩා කැමරාවක් සොයා ගනී. මෙය ස්වැයං ක‍්‍රියව ක‍්‍රියාත්මක වන කුඩා කැමරාවකි. මෙයින් ඡුායාරූප ගැනීම සඳහා ඡුායාරූපය නාභිගත කිරීමට අවශ්‍ය විය. ජෝර්ජ් ඊස්ට්මන් ඡුායාරූප ශිල්පය ලෝකයේ ප‍්‍රචලිත කිරීමේ පුරෝගාමියා වේ. ඔහු කළ මෙම සොයාගැනීම නිසා ඡුායාරූපශිල්පයේ විපිලවීය වෙනසක් සිදුවිය. පසුව මුවර්බි‍්‍රජ් විසින් චලන චිත‍්‍ර ඡුායාරූපකරණය පිළිබඳ අදහස ලොවට එක් කරයි. මෙය මැජික් ලන්තෑරුමක් උපයෝගී කරගෙන සිදුවිය. ප‍්‍රංශ ජාතික සත්ව විද්‍යාඥයකු වන එතිනේ ජුල්ස් මරේ ලෝකයේ පළමු සිනමා කැමරාව නිපදවයි. එය ඡුායාරූප තුවක්කුව ලෙස හැඳින්වේ. මේ ආකාරයට තාක්‍ෂණික සොයාගැනීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස සිනමා මාධ්‍ය බිහිවීමට අවශ්‍ය පසුබිම සැපයිණි. තෝමස් අල්වා එඩිසන් විසින් පළමුවරට චලනය සටහන් කළ හැකි කැමරාවක් නිපදවනු ලබයි. එය කයිනෙටොග‍්‍රාෆ් නමින් නම් කරයි. ප‍්‍රංශයේ ලූවී  ලූමියර් හා ඔගස්ටස් දුමියර් යන සහෝදරවරු දෙදෙනා රූපගත කිරීමත් , සිනමා ප‍්‍රක්ෂෙපනයත් , පටල පට මුද්‍රණයත් යන තුනම සිදු කළ හැකි එක් යන්ත‍්‍රයක් නිර්මාණය කරයි. එය සිනෙමෙටොග‍්‍රාෆ් නම් වේ. මෙම සියලූ සොයා ගැනීම් ඔස්සේ අපට පැහැදිලි වන ප‍්‍රධාන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් මඟින් වන බවයි. මන්දයත් මෙම තාක්‍ෂණික සොයාගැනීම් හේතුුවෙනි වත්මන් ජනමාධ්‍ය බිහිව ඇත්තේ මේ ආකාරයට සිනමාව ලෝකයේ බිහිවීමට අවශ්‍ය පදනම සපයනු ලැබුවේ ඡුායාරූප ශිල්පයේ ආරම්භයයි.

ප‍්‍රංශයේ ලූවී ලූමියර් හා ඔගස්ටස් ලූමියර් යන සහෝදරවරු නිසා සිනමාව වාණිජ වශනේ දර්ශනය කිරීම ආරම්භ වේ. දුමියර් සහෝදරයන් විසින් පෙන්වන ලද කෙටි චිත‍්‍රපට කිහිපයක් මඟින් ලෝකයට සිනමා මාධ්‍ය බිහිවේ. සිනමාව කලාත්මක ලෙස වර්ධනය කිරීමට ප‍්‍රංශ ජාතික ජෝර්ජ් මේලිස් දායක වේ. සජීවිකරණය ද්විත්ව අනාවරණය වැනි සිනමාවේ තාක්‍ෂණික සොයා ගැනීම් මොහු සොයා ගනී. පසු කාලීනව ඇමරිකානු ජාතික එඞ්වින් එස් පෝටර් විසින් සංස්කරණය සොයා ගන්නා ලදී. ඇමරිකානු සිනමාවට සිනමා සංස්කරණය, සිනමාවේ ෙඡ්දනය හඳුන්වා දුන් පළමු සිනමාකරුවා මොහුයි. පසුව ග‍්‍රිෆිත් විසින් ෙඡ්දනය, රූපරාමු, සැකැස්ම සොයාගැනීම් ඔස්සේ මූලික වශයෙන් සිනමාව දියුණු වට පත්කරයි. සර්ජි අයින්ස්ටයින්ද සිනමාවේ දියුණුවට පුරෝගාමි වූ අයෙකි. වර්තමානයේ පවතින සිනමාව මූලික වශයෙන් බිහිව ඇත්තේ මෙම තාක්‍ෂණික සොයා ගැනීම් සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම තාක්‍ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ජනයා පොළඹවා ගන්නා මාධ්‍යක් ලෙස සිනමා මාධ්‍ය හැඳින්විය. ඡුායාරූප ශිල්පයේ 

සිදුවූ සුවිශේෂි තාක්‍ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ සිනමා මාධ්‍ය බිහි විය. මේ සියලූ කරුණු විග‍්‍රහ කර බැලීමෙන් පසුව අපට පෙනී යන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි. මෙම තාක්‍ෂණික සොයාගැනීම් සිදු නොවුවානම් කිසිසේත්ම වර්තමානයේ පවතින සිනමාව බිහිවීමට නොහැක. කාලීන තාක්‍ෂණයේ වෙනස්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙලෙස ජනමාධ්‍යන්ගේ ගම්‍ය වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයාගැනීම් මඟින් බවයි.

මෙසේ මූලික වශයෙන් පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, ඡුායාරූපකරණය, සිනමාව, දුරකථනය යන ජනමාධ්‍ය වර්තමානයේ දියුණු තත්වයට පත් වී ඇත්තේ තාක්‍ෂණික සොයාගැනීම් හේතුවෙනි. එසේ දියුණු තත්වයට පත්වීම හේතුවෙන් අපට ගම්‍ය වන ප‍්‍රධාන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් හෙතුවෙන් බවයි. නව මාධ්‍යන්ගේ බිහිවීමද ජනමාධ්‍යන්ගේ දියුණු වීමට ප‍්‍රධාන ලෙස බලපා ඇත. එනම් අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනිය නැරඹීමට වර්තමානයේ හැකි වී ඇත. මෙම සියලූ ජන මාධ්‍ය වර්තමානය වන විට නවමාධ්‍ය සමඟ බද්ධව පවතී. නවීන සමාජයේ ගුවන් විදුලිය ඇසීමද අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකිය. තමන්ට ඇසීමට නොහැකි වූ  ඕනෑම පුවතක් අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමට හැකිවේ. එමෙන්ම වර්තමානයේ අන්තර්ජාලය මඟන් දිනපතා පුවත්පත් නැරඹීමද සිදු කළ හැකිය. මෙයින් අපට සක්ෂාත් වන කරුණ වන්නේ ජනමාධය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි.

එමෙන්ම වර්තමානයේ නව මාධ්‍ය විශේෂයක් වන ජංගම දුරකථනය ඔස්සේද ජනමාධ්‍ය භාවිතා කිරීම සිදුව ඇත. වර්තමානයේ සෑම ජංගම දුරකථනයක් තුළම පාහේ අන්තර්ජාල පහසුකම් පවතී. එම නිසා එමෙන්ම සෑම නවීන ජංගම දුරකථනයක් තුළින්ම පාහේ ගුවන් විදුලිය ඇසීම රූපවාහිනිය නැරඹීම වැනි ජනමාධ්‍ය භාවිතය අන්තර්ජාලය නොමැතිව පවා සිදු කළ හැකිය. මේ නිසා ජනමාධ්‍යන්ගේ භාවිතයද තාක්‍ෂණික සොයාගැනීම් හේතුවෙන් දියුණුවට පත්වී ඇත. අපට මෙම කරුණු ඔස්සේ සනාථ වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් තුළින් බවයි. නවීන ජංගම දුරකථන තුළට වීඩියෝ දර්ශන, චිත‍්‍රපටි , ගීත චිප් භාවිත කිරීමෙන් ඇතුළත් කර ගත හැකිය. මේ හේතුවෙන් ජනමාධ්‍ය ජනයා වෙත නව මාධ්‍ය ඔස්සේ සමීප වී ඇත. මෙම කරුණු හේතුවෙන් පැහැදිලි වන්නේ මෙම සියල්ල සිදුව ඇත්තේ තාක්‍ෂණය හේතුවෙන් බවයි. ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් හේතුවෙන් බව අපට පැහැදිලි වන කරුණකි. 

තාක්‍ෂණය නැමති වචනය ලතින් භාෂා මුලයක් වන වියනවා හෝ ඉදිකරනවා යන අර්ථ වලින් බිඳී ආවකි. තාක්‍ෂණය යනු සෙසු සමාජයේ වෙන් වී ඇති ස්වාධීන හුදකලා බලවේගයක් යනුවෙන් සීතිම ප‍්‍රමාණය ඉක්මවා සුළු කොට තැකීමකි. තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට ඇතුළත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍ර නූතන සමාජ ජනමාධ්‍ය දියුණුවට පත් වී ඇති ආකාරයක් ලෙස චන්ද්‍රිකා වන්ගේ බිහිවීම දැක්විය හැක. සැතපුම් දහස් ගණනක් දුරකට වුවද පණිවිඩ යෑවීම හෝ එතරම් ඈතක සිට පණිවිඩ ලබා ගැනීමටද  හැකි වී ඇත. චන්ද්‍රිකා මඟින් පහත කාර්්‍යයන් සිදු කළ හැකි වේ. ස්ථාවර සහ ජංගම යන සම්පේ‍්‍රෂණ දෙකින්ම පින්තූර හා ශබ්ද සජීවි ලෙස ලොව පුරා සම්පේ‍්‍රෂණය කිරීම සිදු කළ හැකිය. එමෙන්ම නව ගුවන්විදුලි සහ රූපවාහනි මධ්‍යස්ථාන සහ සුපිරි මධ්‍යස්ථාන පහසුවෙන් නිර්මාණය කිරීමද සිදු කරනු ලබයි. බොහෝ රූපවාහිනි පද්ධතින්ට ඉතා වැඩි වැඩසටහන් ප‍්‍රමාණයක් සකස් කිරීමේ හැකියාව චන්ද්‍රිකා තාක්‍ෂණය මඟින් සිදුවේ. එමෙන්ම චන්ද්‍රිකාවල සිට එක එල්ලේ නිවෙස් පද්ධතිය තෙක් සම්බන්ධතාවයක් ඇති කිරීම, චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ සිදුවන තවත් ප‍්‍රධාන කාර්යයක් වන්නේ ප‍්‍රමාණවත් ග‍්‍රාහක පිරිසක් රැුස් කරවා ගත නොහැකි කුඩා භූගෝලීය ප‍්‍රදේශයක වැඩසටහනක් හෝ වැඩසටහන් සඳහා ජාතික හෝ කලාපීය පදනමක් මත ග‍්‍රාහක පිරිසක් රැුස්කර වීමයි. මේ ආකාරයට චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ රූපවාහිනිය හා ගුවන්විදුලිය යන මාධ්‍ය ප‍්‍රබල දියුණුවකට පත්ව තිබේ. මේ ඔස්සේ අපට පැහැදිලි වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි. 

කේබල් කර්මාන්තය හේතුවෙන්ද රූපවාහිනිය හා ගුවන් විදුලිය යන නව මාධ්‍යන් දියුණුවට පත්ව තිබේ. කේබල් යනු රූපවාහිනී, ගුවන් විදුලි සහ දත්ත සංඥා සඳහා බෙදා හැරීමේ පද්ධතියක් වන සන්නිවේදන කර්මාන්තයට දී ඇති නමකි. මුලදී ප‍්‍රජා ඇන්ටෙනා රූපවාහිනිය වශයෙන් එවිට හඳුන්වනු ලැබු කේබල් අදාළ වූයේ නිවෙස් කරා දිවෙන කොඇක්සියල් කේබල් රැුහැන් සහිත ටවර් ඇන්ටෙනාවකි. මුල් යුගයේ කේබල් පද්ධති මඟින් රූපවාහිනි මධ්‍යස්ථාන වලට සංඥා අල්ලා ගනු ලැබ යළි බෙදාහරිනු ලැබීය. වර්තමානයේ කේබල් ඊට වඩා බොහෝ සංකීර්ණ වේ. මෙම කේබල් කර්මාන්තය රූපවාහිනිය හා ගුවන් විදුලිය යන ජනමාධ්‍ය ප‍්‍රබල දියුණු වීමකට ලක්ව ඇත. මෙමඟින් අපට පැහැදිලි වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මඟින් බවයි. 

වර්තමානය වන විට ජනමාධ්‍ය කෙරෙහි සුවිශේෂී බලපෑමක් තාක්ෂණය ඔස්සේ සිදු කර ඇත. එනම් සෑම නව සන්නිවේදනය මාධ්‍යක් විසින්ම දැනට පවත්නා මාධ්‍යයන්ගේ කාර්යයන් ශීඝ‍්‍රයෙන් වෙනස් කරවන බව කැනේඩියානු මාධ්‍ය විශේෂඥයෙකු වන මාර්ෂල් මැක්ලූහන් වරක් ප‍්‍රකාශ කර ඇත. නිදසුන් ලෙස රූපවාහිනිය හඳුන්වා දීමෙන් පසුව ගුවන්විදුලිය මඟින් ප‍්‍රචාරය වූ බොහෝ විනෝද වැඩසටහන් කොතරම් අඩුවීද යත් නාට්‍ය වැඩසටහන් ඉන් ඉවත් වී ඒ වෙනුවට සංගීත හා ප‍්‍රවෘත්ති වැඩසටහන් යොදා ගන්නා ලදී. මේ ආකාරයට ජනමාධ්‍ය සඳහා ජනතා මතය තීරණය වන්නේද එහි පවතින තාක්ෂණිකත්වය මතයි. තාක්ෂණික ස්වරූපය වැඩි වන තරමටම ජනයා ඒ මත සමීප වන්නේ එය භාවිත කිරීමේදී තමන්ට ඇතිවන පහසුව හේතුවෙනි. එමෙන්ම පරිගණක හා ඬේටා බේස් හේතුවෙන් වර්තමානයේ ජනමාධ්‍ය සුවිශේෂී දියුණුවක් ලබා ඇත. නිදසුනක් ලෙස ගුවන් විදුලි ප‍්‍රචාරක කටයුතු වලදී සීමිත චැනල් නිසා ඇතිවන බාධකය නව තාක්‍ෂණය මඟින් බිඳ දමා ඇත. එනම් සැම විටම ගුවන් තරංග මඟින් කෙරෙන ප‍්‍රචාරයන් සීමිත වර්ණාවලියක් මඟින් බලපැවැත්වෙන චැනල් හිඟයක් නිසා සීමා කෙරේ. මේ හේතුව නිසා රූපවාහිනි සහ ගුවන් විදුලි ප‍්‍රචාරක ස්ථාන සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු වූ අතර ඒ සඳහා බලපත‍්‍ර ලබා ගැනීම පිණිස බලවත් තරගයක් පැවතිණ. නමුත් දැන් චැනල් බොහෝ ගණනක් වුවද ලබාගත හැකි නිසා ඇතැම් බටහිර නගරවල දැනටමත් සියයකට අධික ප‍්‍රමාණයක කේබල් චැනල් තිබේ. එමෙන්ම රූපවාහිනි මාධ්‍යයද මේ ආකාරයට තාක්‍ෂණය ඔස්සේ දියුණුව ඇත. තොරතුරු විනෝදාංශ සහ අනෙකුත් වැඩසටහන් සකස් කිරීමේ තාක්ෂණික ශක්තිය වර්ධනය වී ඇත. ඒ නිසා ජනතාව වැඩි වශයෙන් රූපවාහිනියට යොමු වී ඇත. මේ සාධක ඔස්සේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මත බව අපට පැහැදිලි වන කරුණකි. 

එමෙන්ම අන්තර්ජාලය, ඊමේල්, විශ්ව වෙබ් අඩවි යන තාක්ෂණයන්ගේ දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය දියුණුවට පත්ව ඇත. වර්තමාන ජනමාධ්‍ය මෙම නව මාධ්‍ය සමඟ ඍජුව බැඳී ඇත. මෙම නව මාධ්‍යයන්ගේ තාක්‍ෂණික බලපෑම ජනමාධ්‍ය වෙතද ඍජුව හෝ වක‍්‍රව එල්ල වී ඇත. බොහෝ ජනමාධ්‍ය වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකි වනවා පමණක් නොව ඒවා සමාජ ජාල වෙබ් අඩවි සමඟද පුළුල් සම්බන්ධයක් පවතී. ගුවන් විදුලි වැඩසටහන්, රූපවාහිනි වැඩසටහන්, පුවත්පත් මෙසේ සමාජ ජාල වෙඞ් අඩවි ඔස්සේ ජනතාවගේ මතය දැන ගැනීමට හා ජනතාවගේ ප‍්‍රතිචාරය ලබා ගැනීමට ක‍්‍රියා කරයි. මේ අනුව නව මාධ්‍යයන්ගේ තාක්‍ෂණික සොයාගැනීම් ජනමාධ්‍ය සඳහාද බලපා ඇත. ජනමාධ්‍ය නව මාධ්‍ය සමඟ බද්ධ වී පවතින බව පෙනී යයි. මේ අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි. 

පුවත්පතේ බිහිවීම, ගුවන් විදුලියේ බිහිවීම, රූපවාහිනියේ බිහිවීම, ඡායාරූපකරණයේ බිහිවීම, සිනමාවේ බිහිවීම සිදුව ඇත්තේ තාක්ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසිනි. තාක්ෂණය නොමැතිනම් මෙම ජනමාධ්‍ය වල බිහිවීම කිසි දිනක සිදුවීමට ඉඩ නොපවතින බව අපට පෙනී යයි. මෙම ජනමාධ්‍යයන් ක‍්‍රමිකව විකාශය වූයේ තාක්ෂණයේ ප‍්‍රතිඵලය ලෙසය. මුද්‍රණ යන්ත‍්‍රයේ විශ්මිත සොයාගැනීම නිසා පුවත් පත නම් ජනමාධ්‍ය බිහි වීමද, මාකෝනිගේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස ගුවන්විදුලිය බිහිවීමද, තාක්ෂණික විද්‍යාඥයින්ගේ පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස රූපවාහිනිය බිහිවීමද, කැමරාවේ විශිෂ්ට සොයාගැනීම හේතුවෙන් ඡුායාරූපකරණය හා සිනමා මාධ්‍ය බිහිවීමද සිදුවිය. මේ සියල්ල බිහිවූයේ තාක්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම කරුණු සියල්ල සාධනය කිරීමෙන් අපට ගම්‍ය වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි. 

ජීවිතය















හමුවීම් වෙන්වීම්                                                                                                    
අත්පත්කරගැනීම්    
අත්හැරදැමීම්                                                                                        
බලාපොරෙත්තු                                                                                                  
පසුපස හඹා යන                                                                                                
සංසාර සක්මන


                   

මාධ්‍යවේදියා සතු යුතුකම් හා වගකිම්


   හූ හඬින් ආරමිභ වූ මානව සන්නිවෙිදනය වර්තමානය වන විට අන්තර්ජාලය දක්වා දිර්ඝ ගමනක් පැමිණ ඇත.මානව සන්නිවේදනය ගැන සලකා බැලීමෙිදි සන්නිවේදන මාධ්‍ය පිලිබද කතා නොකර බැරි තරමටම ඒය මානව සන්නිවේදනයට ඉවහල්ව ඇත.අතිතයේ මිනිසා තම සන්නිවේදන අවශ්‍යතා සදහා මාධ්‍ය ලෙස භාෂාව මෙන්ම නොයෙක් සරල ක‍්‍රම රාශියක් උපයෝගි කොට ගත්තේය.මිනිස් චින්තනය හා ඥානය දියුණු වීමත් සමගම මානව සන්නිවේදනය ඔවුන්ගේ සංකීර්ණ අවශ්‍යතා අනුව දියුණු විය.මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට විද්‍යුත් මාධ්‍ය ක‍්‍රම මෙන්ම මුද‍්‍රණ මාධ්‍ය ක‍්‍රමද රාශියක් බිහිවී ඇත.මෙම මාධ්‍ය හසුරුවන්නන් මාධ්‍ය වෙිදීන් ලෙස ඉතා සරලව දැක්විය හැකිය.
     
  වර්තමානයේ පුවත්පත්,ගුවන්විදුලි,රූපවාහිනි ආදි සෑම මාධ්‍ය ක්ෂේත‍්‍රයකම කතාබහට ලක්වන සංකීර්ණ ප‍්‍රශ්නයකි මාධ්‍ය නිදහස.සැබවින්ම ජනමාධ්‍ය තුළින් මිනිසාට අවංක පරම සේවයක් ඉටු කිරීමට නමි ඒ පිළිබද සැබෑ නිදහසක් අවශ්‍යය.පෞද්ගලික බලවතුන්ගේ ඇගිලි ගැසීමි දේශපාලඥයින්ගේ බලපෑම් ආදිය නිසා වර්තමානය වන විට මාධ්‍ය දූෂණය වී ඇති බව අප කවුරුත් දන්නා සත්‍යයකි.ජනමාධ්‍ය දූෂිතවීම යනු මිනිස් චින්තනය දූෂිත විමයි.ඒ මන්දයත් මිනිස් චින්තනය ගොඩනැගීමෙහිලා ජනමාධ්‍ය මූලික ස්ථානයක් ගන්නා බැවිනි.
    
   මාධ්‍ය නිදහස භුක්ති විදිමින් රටෙි ඉදිරි ගමනට අත දීම ජනමාධ්‍ය හා මාධ්‍ය වේදීන් සතු පරම යුතුකමකි.මෙි වන විට යහපත් දෑ අභිබවා යමින් අයහයත් දෑ මිනිසාට ළගා කර දීමට මාධ්‍යවේදින් යොමු වී ඇති බව පෙනෙන්නට ඇත.ඒමෙන්ම රටක ඉදිරි ගමනට බාධා පමුණුවන යම් යම් ජන ආරවුල් දේශපාලන ප‍්‍රශ්න ආදිය සදහා ජනමාධ්‍යද තරමක වගකීමක් භාරගත යුතුය.සාවද්‍ය හා ප‍්‍රකෝපකාරී පුවත් ජනමාධ්‍ය තුළින් ඉදිරිපත් නොකිරීමට මාධ්‍යවෙිදීන් වගබලාගත යුතුය.ඒමෙන්ම කුඩා දරුවන්ගේ නොඉදුල් සිත් දූෂිත කිරීම සමිබන්ධයෙන් මාධ්‍ය ක්ෂේත‍්‍රය මූලිකව වගකිව යුතුය.මෙමගින් ඇතිවිය හැකි මානසික අසහනය මගින් දිර්ඝ කාලීන ඇතිවිය හැකි සංස්කෘතිකමය සමාජීය විපර්යාසය මුලූ ලෝකයටම අයහපත් ලෙස බලපෑ හැකිය.මෙි පිළිබඳව මාධ්‍යවේදීන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යමය.එමෙන්ම පෞද්ගලික නිදහසට හානි නොවන පරිදි පුවත් පල කිරීමද මාධ්‍යවෙිදීන් සතු ප‍්‍රබල වගකීමකි.නළු නිළියන් ගායක ගායිකාවන් මෙන්ම සමාජයේ සුප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික තත්වයට අද ජනමාධ්‍ය මගින් ප‍්‍රබල පහරනක් එල්ල වී ඇත.යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුකිරීම සදාචාර වශයෙන් සහ නීතිමය වශියන් බරපතල වරදකි.ඉඳින් මෙි වරදින් තම මාධ්‍ය ක්ෂේත‍්‍රය මුදවා ගැනීම මාධ්‍යවේදීන් සතු තවත් යුතුකමකි.මාධ්‍යවේදියාද මිනිස් සමාජයේ එක් සමාජ ස්තරයකි.මිනිසාගේ පරම යුතුකම වන්නේ මිනිසාට සේවය කිරීම බැවින් මාධ්‍යවේදියාද මිනිසාගේ පරිහානියට නොව අභිවෘද්ධියට කටයුතු කළ යුතුය.නොයෙකුත් නීති විරෝධී ජාවාරමි ආයතනවල සිදුවන අක‍්‍රමිකතා ආදිය පිළිබදව ජනතාවට අනාවරණය කර දෙමින් එම වැරදි නිවැරදි කිරීමටද ජනතාවගේ දුක,කඳුල,ගැහැට,අපහසුතා පිළිබඳව හඬක් නගමින් එම ප‍්‍රශ්න තරමක් දුරට හෝ සංසිදුවීමට රජයට හා වගකිව යුත්තන්ට බල කිරීම මාධ්‍යවෙිදියා මගින් ඉටුවිය යුතුය.ලෝකයේ සාහිත්‍ය පෝෂණයටද ජනමාධ්‍ය ප‍්‍රබලව කි‍්‍රයා කරයි.උසස් නිවැරදි රසවින්දනයක් ජනතාවට ලබා දීම මාධ්‍ය මගින් සිදුවිය යුතුය.කැලයේ පිපෙන මල් කැලයේ පරවිමයාමට ඉඩ නොදී ඔවුන්ගේ මල් සුවඳඋකහා ගනිමින් මනුසිත් සතන් පිබිදවීමට ජනමාධ්‍ය හොඳ මාධ්‍යයකි.මාධ්‍යවේදියා සැමවිටම ජනතාවට පක්ෂපාති ජනතා සේවකයෙකු විය යුතුය.ජනතාවගේ නිදහස සුරකින මාධයවේදී පිළිවෙතක් අනුගමනය කරමින් ජාතියේ එක්සත් භාවයට අදාළ මංපෙත් පෝෂණය කිරීම සංක්ෂිප්ත වශයෙන් මාධ්‍යවේදියාගේ පරම යුතුකම විය යුතුය.
     
   මාධ්‍යවේදියාට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හා ඔවුන් වෙනුවෙන් හඬනනැගීමට ඇති අවස්ථා මෙන්ම ඉඩකඩද අතිමහත්ය.එනමුදු ඒ හැකියාව පසෙකලා මුදලට බලයට හිස නමන මාධ්‍යවේදීන් මුළු මහත් මාධ්‍ය ක්ෂේත‍්‍රයටම කැළලකි.පොදු ජනතාව හා රාජ්‍ය පාලකයන් අතර සමිබන්ධීකරණ නිලධරයෙක් ලෙස මාධ්‍යවේදියා හැදින්විය හැක.ජනතාවගේ උණුසුම් ප‍්‍රශ්න රාජ්‍ය පාලකයන්ට ඉදිරිපත් කරන්නේද රාජ්‍ය පාලකයන්ගේ අදහස් ජනතාව වෙත ලබාදෙන්නේද මාධ්‍යවේදියාය.එබැවින් මාධ්‍යවේදියා ලෝක ජනතාවට නැතිවම බැරි මානව සමිපතක් වී ඇත.මාධ්‍ය හා මාධ්‍යවේදියා යන අංශ දෙක මිනිසාගේ සේවය සඳහා කැපවූ ආයතන බැවින් අප එ් අංශයන් ආරක්ෂා කළ යුතුවන අතර මාධ්‍ය හා මාධ්‍යවේදියා උතුමි මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් මිනිස් මෙහෙවරක යෙදීමද අත්‍යවශ්‍යම කරුණකි.