ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙස බව පහත කරුණු ඔස්සේ සනාථ කළ හැක. ජනමාධ්‍ය ඉතිහාසය දෙස බැලීමෙන් අපහට ගම්‍ය වන කරුණක් වන්නේ ජනමාධ්‍ය ඉතිහාසය ක‍්‍රමිකව වර්තමානයේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙස බවයි. වත්මන් සමාජය තුළ ජනමාධ්‍ය සුවිශේෂි කාර්යබාරයක් ඉටු කරනු ලබන අතර එම බලපෑම ජන මාධ්‍ය මඟින් සමාජයට කළ හැකි වන්නේ තාක්ෂණික සොයා ගැනීම් නිසාවෙනි. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව යන ජනමාධ්‍යන් වර්තමානයේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. එයින් අපට ගම්‍ය වන කරුණ වනන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මගින් වන බවයි.
මුද්‍රණ ශිල්පය ලොව පුරා ප‍්‍රචලිත වන්නේ තාක්ෂණික සොයාගැනීමක් නිසාවෙනි. වර්ෂ 1300 අග භාගය වන විට මුද්‍රණ ශිල්පය යුුරෝපාකාරය වෙතද සංක‍්‍රමණය විය. යුුරෝපීයයෝ ක‍්‍රි.ව. 1423 දී ශාන්ත ක‍්‍රිස්ටෝපර් මුනිඳුන්ගේ රුවක් ලී බ්ලොක් උපයෝගී කර ගෙන මුද්‍රණය කළහ. මෙසේ මුද්‍රණය කළ පොත්වලට විශාල ඉල්ලූමක් පැවති අතර එම ඉල්ලූම සපුරාලීම මහත් ගැටලූවක් විය. මෙම ගැටලූවට විසඳුම් ගෙන ආවේ මුද්‍රණ කටයුතු සඳහා තනි තනිව ගත හැකි වන ලෙසින් නිෂ්පාදනය කෙරුණු අක්ෂර වලිනි. එහි ගෞරවය හිමි වන්නේ ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග්ට ය. වර්ෂ 1440 දී පමණ ලෝහ තහඩු වලින් එක් එක් අක්ෂරය වෙන වෙනම නිෂ්පාදනය කෙරුණු අතර මිදි හා චීස් නිෂ්පාදනයේදී යොදාගත් සම්පීඩන යන්ත‍්‍රයක් සුළු වෙනස්කම් සිදු කර මුද්‍රණ යන්ත‍්‍රයක් ලෙසින් මුල් වරට ගුටන්බර්ග් විසින් වැඩි දියුණු කර ගන්නා ලදී. මේ ආකාරයට අධික මුද්‍රණාල සංඛ්‍යාවක් යුරෝපය පුරා ව්‍යාප්ත විය. මේ අනුව මුද්‍රණ ශිල්පය ක‍්‍රමිකව තාක්‍ෂණික සොයාගැනීම් ඔස්සේ දියුණු විය. එමෙන්ම ලයිනෝටයිප් මුද්‍රණ යන්ත‍්‍රය හා මොනෝටයිප් මුද්‍රණ යන්ත‍්‍රය නිර්මාණය වීමත් සමඟ තාක්‍ෂණයේ නව පෙරළියක් ඇති විය. ඒ මුද්‍රණ ශිල්පයට නව මං පෙත් විවර වීමෙනි. ප‍්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයකු වන ජෝෂප් නිෂිපෝ නිෂිපේ වර්ෂ 1826 දී ලොව ප‍්‍රථම ජායාරූපය හඳුන්වා දීමත් සමඟම නවීන ඕෆ්සෙට් මුද්‍රණ ශිල්පයට මං පෙත් විවෘත විය. බි‍්‍රතාන්‍ය ජාතික ටැබට් විසින් වර්ෂ 1852 දී ජායාරූප මුද්‍රණය කිරීමේ තාක්ෂණ ක‍්‍රමවේදයන් සඳහා පේටන්ට් බලපත‍්‍රය හිමි කර ගනු ලැබීය. අනතුරුව අල්පොන්සෝ නැමති ප‍්‍රංශ ජාතිකයා සමතල මුද්‍රණ කරණය ලොවට හªන්වා දුන්නේය. වර්ෂ 1800 අවසන් භාගය වන විට යුරෝපාකාරය පුරා ඔෆ්සෙට් මුද්‍රණාලය බිහි විය. වර්ෂ 1905 දී ඇමරිකානු ජාතික කඩදාසි නිෂ්පාදකයකු හා මුද්‍රණකරුවකු වන රූබෙල් විසින් නවීන ඕෆ්සෙට් මුද්‍රණය සොයා ගනු ලැබීමත් සමඟ ඔෆ්සෙට් මුද්‍රණය ලොව පුරා ව්‍යාප්ත විය.
චන්ද්‍රිකා තාක්ෂණයත්, ෆැක්ස් පණිවිඩ හුවමාරු ක‍්‍රමයත් උපයෝගී කර ගෙන එක් ස්ථානයක සකස් කෙරෙන පුවත්පත් පිටු වෙනත් තැනකට දිනපතා යවා පුවත්පත් මුද්‍රණය කිරීමේ ක‍්‍රමවේිදය, පුවත්පත් කාර්මාන්තයේ තවත් ප‍්‍රබල සන්ධිස්ථානයක් විය. 1975 අවසාන භාගය වන විට මෙම මුද්‍රණ ක‍්‍රමය මුල් වරට ආරම්භ විය. වෝල් ස්ටී‍්‍රට් ජර්නල්, යූ.එස්.ඒ ටුඬේ, ඉන්ටර්නැෂනල් හෙරල්ඞ් ටි‍්‍ර බියුන්, ප‍්‍රව්ඩා, හින්දු වැනි පුවත්පත් වලට අමතරව ලොව ප‍්‍රකට ටයිම් සඟරාවේ ප‍්‍රවෘත්ති හා දැන්වීම් පිටු ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිට හොංකොංහි සහ සිංගප්පුරුවේ ඇති මුද්‍රණ අංශ වෙත සතිපතා යවනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. මුද්‍රණ කර්මාන්තය මෙලෙස දියුණුවූයේ ප‍්‍රබල තාක්‍ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම ප‍්‍රබල වූ ජනමාධ්‍යක් වන පුවත්පත බිහිවන්නේ තාක්‍ෂණික පෙරළියක් නිසාවෙනි. එමෙන්ම එය වර්තමානයේ පවතින තත්වයට පත් ව ඇත්තේ තාක්‍ෂණයේ ප‍්‍රතිඵලයක් නිසාවෙනි. මෙයින් පෙනී යන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි.
එමෙන්ම ගුවන්විදුලිය බිහිවන්නේද තාක්ෂණික සොයා ගැනීම් රාශියක ප‍්‍රතිඵලයක් ලෙසිනි. 1837 දී සැමුවෙල් මෝස් විසින් නැව් ගමනාගමනය පිළිබඳ සංඥා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෝස් සංඥා ක‍්‍රමය සොයා ගනී. එමෙන්ම රෙනී නම් විද්‍යාඥයා විසින් මයිකෆෝනය සොයා ගනී. එමෙන්ම මයිකල් ෆැරඬේ විසින් විද්‍යුත් චුම්භක ශක්තිය සොයා ගනු ලබයි. රැුහැන් රහිත ක‍්‍රමය හඳුන්වා දෙන්නේද මයිකල් ෆැරඬේ ය. ශබ්දය විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව මුල් වරට සොයා ගන්නා ලද්දේ 1878 භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ජේව්ස් ක්ලාක් මැක්ස්වෙල්ය. ජර්මන් ජාතික හයින්ඩි‍්‍රක් හර්ට්ස් විසින් විද්‍යුත් චුම්භක ශක්තිය වෙන වෙනම හඳුනා ගැනීම පිළිබඳ පර්යේෂණයේ ප‍්‍රතිඵල ලෙස 1888 දී ට‍්‍රාන්ස්මීටරය සොයා ගනී. මෙම පර්යේෂණ තවදුරටත් දියුණු කොට 1890 දී එඞ්වඞ් බ‍්‍රැන්ලේ විසින් ශබ්ද සංඥා එක් රැුස් කර ගත හැකි නළයක් නිෂ්පාදනය කළේය. එය බ‍්‍රැන්ලේ ටියුබ් නම් වේ. ස්ටොනොවිච් පොපොචි විසින් ඒරියලය සොයා ගැනීමට සමත් වේ. මෙම තාක්ෂණික සොයා ගැනීම් ගුවන් විදුලියේ බිහිවීමට ප‍්‍රබල ලෙස බලපායි. මෙම සියලූ පර්යේෂණ වැඩි දියුණු කොට ගුවන් විදුලිය නිර්මාණය කළේය. වර්තමානය වන විට ගුවන් විදුලිය මෙසේ පවතින තත්වයට පත්ව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් ගණනාවක ප‍්‍රතිඵලයක් නිසාවෙනි. මෙම කරුණ ඔස්සේද අපට ගම්‍ය වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් ඔස්සේ වන බවයි.
රූපවාහිනිය බිහිවීමද තාක්‍ෂණයේ නව විප්ලවයක් විය. 1833 දී ජර්මනියේ බර්ලින්හි ජීවත් වූ පෝල් නිප්කාන් නමැති ශිෂ්‍යයා විසින් නිපදවනු ලැබූ ස්කෑනික් ඩිස්ක් ලෝකයේ මුල්ම රූපවාහිනි අත්දැකීම විය. මේ තුළින් රූප පද්ධතියක් විකාශය කිරීම සිදු විය. වර්තමානයේ අප භාවිත කරන රූපවාහිනි මේ දක්වා දියුණු වීමට ඒ.ඒ. කැම්බල් ස්ටීන්ටන් නැමති බි‍්‍රතාන්‍ය ජාතිකයා සොයාගත් බ්‍රේන් නළයත් ඇමරිකානු ජාතික විලෑඩිමිර් ස්වොරින් සොයා ගත් අයිකන් ස්කෝප් නළයත්, 1927 දී රූපවාහිනි තාක්ෂණය, විද්‍යුත් රුපවාහිනි ක‍්‍රමය ලෙස නීත්‍යනූකූල භාවිතයට ගැනීමත් හේතු සාධක විය. ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාඞ් අඩි පහක් දුරට කුරුසයක සෙවනැල්ල සම්පේ‍්‍රෂණය කරමින් අත්හදා බැලීමක් කළේය. ඔහු මුලින්ම රූපවාහිනී තිරයේ පෙන්වා ඇත්තේ බෝනික්කුගේ රුවකි. පසු කලක පෙන්වා ඇත්තේ ටෙන්ටන් නැමති මෙහෙකාර ළමයාය. එය රූපවාහිනියේ දිස් වූ ප‍්‍රථම මිනිස් රුව ලෙස වාර්තාගත වේ. කෙසේ නමුත් රූපවාහිනිය නිර්මාණය කළ වර්ෂය ලෙස පිළිගනු ලබන්නේ 1926 වර්ෂයයි. මෙම තාක්ෂණික සොයා ගැනීම් ඔස්සේ පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මඟින් වන බවයි.
1980 වන විට රූපවාහිනිය එහි ප‍්‍රාථමික තාක්ෂණයත් නූතන දියුණු තාක්ෂණයත් අතර ඇතිවූ ගැටුම නිසා මේ කර්මාන්තයට හිමි මූලික පදනම පවා ප‍්‍රතික්ෂේප කරන තත්වයකට පැමිණි තිබේ. 1985 දී සී.බි.එස්. ආයතනයේ ජේම්ස් රොසෙන්ෆීල්ඞ් ඉතා පැහැදිලිව කීවේ රූපවාහිනි හතරවැනි පරීක්‍ෂාවට ලක්ව ඇති බවයි. එනම් තාක්ෂණයේ පරීක්‍ෂාවයි. ඊට පෙර මුහුණ දුන් පරීක්‍ෂාවන් වන්නේ මාධ්‍යක් ලෙස පිළිගැනීමට ලක් වීම, සංස්කෘතික අන්තර් ග‍්‍රහණය, පරිණතභාවය යන සාධකයන්ය. 1960 සහ 1970 දශකවලදී රූපවාහිනි තාක්‍ෂණය වර්ධනය වූයේ විකාශ කර්මාන්ත නිර්නියාමනයත් සමගය. චන්ද්‍රිකා කේබල්, රූපවාහිනි, වීඩියෝ කැසට් සහ වීඩියෝ ඩිස්ක් පේලේයර් වැනි මාර්ග ඇසුරු කර ගත් නව වැඩසටහන් බෙදා හැරීමේ පද්ධතියක් මෙකල බිහිවීම සිදුවිය. 1962 දී ඇමෙරිකාව සන්නිවේදන චන්ද්‍රිකා පණත සම්සතයත් සමඟ අන්තර්ජාතික රූපවාහිනී පද්ධතිය බිහිවන්නට විය. ටෙල්ස් ටාර් සහ රිලේ වැනි චන්ද්‍රිකා 1963 බිහි වීම නිසා අන්තර්මහාද්වීපක ආවරණ ඇති විය. 1977 දී පි.බී.එස්. පබ්ලික් බ්‍රෝඞ්කාස්ටින් සර්විස් ඉදි කිරීමට ආරම්භ කළ චන්ද්‍රිකා - අන්තර් සම්බන්ධි පද්ධතිය මඟින් චන්ද්‍රිකාවේ සිට කෙළින්ම පොළොවේ මධ්‍යස්ථානය වෙත වැඩසටහන් ළඟා කර ගත හැකි විය. එමඟින් සියලූ පීබීඑස් මධ්‍යස්ථානවලටත් ජාතික මහජන ගුවන් විදුලිය යටත් වැඩ සටහන් බෙදා දීමට පුළුවන. ටෙඞ් ටර්නර් ගේ ජෝජියාවේ ඇට්ලන්ටාවේ පිහිටි ඩබ්පිව්.ටී.බී.එස්. වීවී ආයතනය මගින් දේශීය වැඩසටහන් චන්ද්‍රිකා හරහා කේබල් පේ‍්‍රෂණය කළේ 1979 දීය. 1980 ආරම්භ වන ටර්නර් , කේබල් නිව්ස් නෙට්වර්ක් – සී එන් එන් නම් ප‍්‍රවෘත්ති සේවය රට පුරා ව්‍යාප්ත කළේය. ඉක්මනින් එය ලොව පුරා පැතිර යන්නට විය. චන්ද්‍රිකාවටත් වඩා ඉදිරියට ආ කේබල් ටෙලිවිෂන් නමින් කෙටියෙන් හඳුන්වන සී ඒ ටී වී කමියුනිටි ඇන්ටෙනා ටෙලිවිෂන් ප‍්‍රජා ඇන්ටෙනා රූපවාහිනිය 1960 දී ආරම්භ වී 1970 වන විට දායකයින් ලක්‍ෂ 13 කට වැඩසටහන් සපයන පද්ධති 2500 ක් හිමි විශාල ව්‍යාපාරයක් බවට පත් විය. 1977 දී සන්නිවේදන කොමිසමේ නිර්නියාමන ප‍්‍රතිපත්තිය නිසා පටන් ගත් නරඹන විට මුදල් ගෙවන පේටීවී නැත්නම් එස්ටීවී සබිස්ක‍්‍රිප්ෂන් ටෙලිවිෂන් දායක මුදල් ගෙවන රූපවාහිනිය ලොස් ඇන්ජලීස් සහ ඇමෙරිකාවේ නිව්යොක් නගර දෙකේ පමණක් ආරම්භ විණි. මේ ආකාරයට මෙම සියලූ රූපවාහිනි තාක්ෂණික සොයාගැනීම් බිහිවන්නේ ජනමාධ්‍යන්ගේ සුවිශේෂි පියවරක් ලෙසය. මෙම කරුණු ඔස්සේ බව සනාථ කළ හැක.
එමෙන්ම මේ කාලය වන විට මෝස් සංඥා ක‍්‍රමය ඔස්සේ දුරකථන බිහිවීම සිදුවිය. එනම් මෙසේ සංඥා යැවීමේ ක‍්‍රමය ටැලිග‍්‍රාෆ්ස් යන නමින් හැඳින්වේ. මිනිසාගේ කටහඩ විදුලිය කම්බියක් ඔස්සේ ගෙන යන ටැලිග‍්‍රාෆ්ස් නම් වූ මේ ක‍්‍රමය සොයා ගැනීමෙන් වසර ගණනාවකට පසු දුරකථනය සොයා ගනු ලැබුණි. එහි ගෞරවය හිමි වන්නේ ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් හටය. මෙයින්ද පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි. සන්නිවේදනය නව පිබිදීම සිදුව ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසය. වක‍්‍රව කිවහොත් ජනමාධ්‍යන්ගේ නව පිබිදීමටද තාක්‍ෂණික සොයා ගැනීම් ඉවහල් වී ඇත. පසුගිය දශ වර්ෂ දෙකක කාලය තුළ සන්නිවේදන තාක්‍ෂණය දියුණුවට පත්විය. උදාහරණයක් ලෙස පරිගණකය, වීඩියෝ ෆැක්ස්, චන්ද්‍රිකා, රූපවාහිනිය, අන්තර්ජාතික විදුලි සන්දේශ යන දෑ මෙයට ඇතුළත් වේ. දුරස්ථ චන්ද්‍රිකා සන්නිවේදනය හා සෘජු විකාශන චන්ද්‍රිකා වල සොයා ගැනීම හේතුවෙන් ජනමාධ්‍ය තාක්‍ෂණය ප‍්‍රබල ලෙස දියුණුවට පත්විය.
සිනමාවේ දියුණුව සිදු වීමද තාක්ෂණයේ සිදුවූ විප්ලවයක් ලෙස හැඳින්විය හැක. 16 වන සියවසේ දීඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි කැමරා ඔබ්සිකියුරාව ඔහුගේ චිත‍්‍ර කර්මයන් සඳහා වැඩි දියුණු කරනු ලබයි. ඩාවින්චිගේ සමකාලිනයෙක් වන බතිස්තා දොලාපොර්තා විසින් කැමරා ඔබ්සිකියුරාව සඳහා කාචයක් සම්බන්ධ කර වැඳගත් උපකරණයක් නිර්මාණය කරයි. මේ ආකාරයට පර්යේෂණ රාශීයක ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂ 1826 දී ප‍්‍රංශ ජාතික ජෝෂප් නිසිපෝ නිෂ්පේ විසින් ලෝකයේ පළමුවරට ඡුායාවක් රඳවා ගත හැකි ක‍්‍රමයක් සොයා ගනී. මේ ආකාරයට ඡුායාරූපකරණය බිහිවීම සිදුවූයේ තාක්‍ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු සිදුවූ තාක්‍ෂණික විප්ලවයයේ ප‍්‍රතිඵලයක් ලෙස කැමරාව දියුණු වීම ප‍්‍රධාන වශයෙන් සිදු විය. ඇමෙරිකානු ජාතික විද්‍යාඥයෙකු වූ ජෝර්ජ් ඊස්ට්මන් විසින් 35 පප දළ සේයාපටලය සොයාලනු ලබයි. 1888 දී ජෝර්ජ් ඊස්ට්මන් දළ සේයාපටලය දැමිය හැකි කොඩැක් නම් කුඩා කැමරාවක් සොයා ගනී. මෙය ස්වැයං ක‍්‍රියව ක‍්‍රියාත්මක වන කුඩා කැමරාවකි. මෙයින් ඡුායාරූප ගැනීම සඳහා ඡුායාරූපය නාභිගත කිරීමට අවශ්‍ය විය. ජෝර්ජ් ඊස්ට්මන් ඡුායාරූප ශිල්පය ලෝකයේ ප‍්‍රචලිත කිරීමේ පුරෝගාමියා වේ. ඔහු කළ මෙම සොයාගැනීම නිසා ඡුායාරූපශිල්පයේ විපිලවීය වෙනසක් සිදුවිය. පසුව මුවර්බි‍්‍රජ් විසින් චලන චිත‍්‍ර ඡුායාරූපකරණය පිළිබඳ අදහස ලොවට එක් කරයි. මෙය මැජික් ලන්තෑරුමක් උපයෝගී කරගෙන සිදුවිය. ප‍්‍රංශ ජාතික සත්ව විද්‍යාඥයකු වන එතිනේ ජුල්ස් මරේ ලෝකයේ පළමු සිනමා කැමරාව නිපදවයි. එය ඡුායාරූප තුවක්කුව ලෙස හැඳින්වේ. මේ ආකාරයට තාක්‍ෂණික සොයාගැනීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස සිනමා මාධ්‍ය බිහිවීමට අවශ්‍ය පසුබිම සැපයිණි. තෝමස් අල්වා එඩිසන් විසින් පළමුවරට චලනය සටහන් කළ හැකි කැමරාවක් නිපදවනු ලබයි. එය කයිනෙටොග‍්‍රාෆ් නමින් නම් කරයි. ප‍්‍රංශයේ ලූවී ලූමියර් හා ඔගස්ටස් දුමියර් යන සහෝදරවරු දෙදෙනා රූපගත කිරීමත් , සිනමා ප‍්‍රක්ෂෙපනයත් , පටල පට මුද්‍රණයත් යන තුනම සිදු කළ හැකි එක් යන්ත‍්‍රයක් නිර්මාණය කරයි. එය සිනෙමෙටොග‍්‍රාෆ් නම් වේ. මෙම සියලූ සොයා ගැනීම් ඔස්සේ අපට පැහැදිලි වන ප‍්‍රධාන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මඟින් වන බවයි. මන්දයත් මෙම තාක්‍ෂණික සොයාගැනීම් හේතුුවෙනි වත්මන් ජනමාධ්‍ය බිහිව ඇත්තේ මේ ආකාරයට සිනමාව ලෝකයේ බිහිවීමට අවශ්‍ය පදනම සපයනු ලැබුවේ ඡුායාරූප ශිල්පයේ ආරම්භයයි.
ප‍්‍රංශයේ ලූවී ලූමියර් හා ඔගස්ටස් ලූමියර් යන සහෝදරවරු නිසා සිනමාව වාණිජ වශනේ දර්ශනය කිරීම ආරම්භ වේ. දුමියර් සහෝදරයන් විසින් පෙන්වන ලද කෙටි චිත‍්‍රපට කිහිපයක් මඟින් ලෝකයට සිනමා මාධ්‍ය බිහිවේ. සිනමාව කලාත්මක ලෙස වර්ධනය කිරීමට ප‍්‍රංශ ජාතික ජෝර්ජ් මේලිස් දායක වේ. සජීවිකරණය ද්විත්ව අනාවරණය වැනි සිනමාවේ තාක්‍ෂණික සොයා ගැනීම් මොහු සොයා ගනී. පසු කාලීනව ඇමරිකානු ජාතික එඞ්වින් එස් පෝටර් විසින් සංස්කරණය සොයා ගන්නා ලදී. ඇමරිකානු සිනමාවට සිනමා සංස්කරණය, සිනමාවේ ෙඡ්දනය හඳුන්වා දුන් පළමු සිනමාකරුවා මොහුයි. පසුව ග‍්‍රිෆිත් විසින් ෙඡ්දනය, රූපරාමු, සැකැස්ම සොයාගැනීම් ඔස්සේ මූලික වශයෙන් සිනමාව දියුණු වට පත්කරයි. සර්ජි අයින්ස්ටයින්ද සිනමාවේ දියුණුවට පුරෝගාමි වූ අයෙකි. වර්තමානයේ පවතින සිනමාව මූලික වශයෙන් බිහිව ඇත්තේ මෙම තාක්ෂණික සොයා ගැනීම් සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම තාක්ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ජනයා පොළඹවා ගන්නා මාධ්‍යක් ලෙස සිනමා මාධ්‍ය හැඳින්විය. ඡුායාරූප ශිල්පයේ
සිදුවූ සුවිශේෂි තාක්‍ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ සිනමා මාධ්‍ය බිහි විය. මේ සියලූ කරුණු විග‍්‍රහ කර බැලීමෙන් පසුව අපට පෙනී යන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි. මෙම තාක්‍ෂණික සොයාගැනීම් සිදු නොවුවානම් කිසිසේත්ම වර්තමානයේ පවතින සිනමාව බිහිවීමට නොහැක. කාලීන තාක්‍ෂණයේ වෙනස්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙලෙස ජනමාධ්‍යන්ගේ ගම්‍ය වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි.
මෙසේ මූලික වශයෙන් පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, ඡුායාරූපකරණය, සිනමාව, දුරකථනය යන ජනමාධ්‍ය වර්තමානයේ දියුණු තත්වයට පත් වී ඇත්තේ තාක්ෂණික සොයාගැනීම් හේතුවෙනි. එසේ දියුණු තත්වයට පත්වීම හේතුවෙන් අපට ගම්‍ය වන ප‍්‍රධාන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් හෙතුවෙන් බවයි. නව මාධ්‍යන්ගේ බිහිවීමද ජනමාධ්‍යන්ගේ දියුණු වීමට ප‍්‍රධාන ලෙස බලපා ඇත. එනම් අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනිය නැරඹීමට වර්තමානයේ හැකි වී ඇත. මෙම සියලූ ජන මාධ්‍ය වර්තමානය වන විට නවමාධ්‍ය සමඟ බද්ධව පවතී. නවීන සමාජයේ ගුවන් විදුලිය ඇසීමද අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකිය. තමන්ට ඇසීමට නොහැකි වූ ඕනෑම පුවතක් අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමට හැකිවේ. එමෙන්ම වර්තමානයේ අන්තර්ජාලය මඟන් දිනපතා පුවත්පත් නැරඹීමද සිදු කළ හැකිය. මෙයින් අපට සක්ෂාත් වන කරුණ වන්නේ ජනමාධය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් වන බවයි.
එමෙන්ම වර්තමානයේ නව මාධ්‍ය විශේෂයක් වන ජංගම දුරකථනය ඔස්සේද ජනමාධ්‍ය භාවිතා කිරීම සිදුව ඇත. වර්තමානයේ සෑම ජංගම දුරකථනයක් තුළම පාහේ අන්තර්ජාල පහසුකම් පවතී. එම නිසා එමෙන්ම සෑම නවීන ජංගම දුරකථනයක් තුළින්ම පාහේ ගුවන් විදුලිය ඇසීම රූපවාහිනිය නැරඹීම වැනි ජනමාධ්‍ය භාවිතය අන්තර්ජාලය නොමැතිව පවා සිදු කළ හැකිය. මේ නිසා ජනමාධ්‍යන්ගේ භාවිතයද තාක්‍ෂණික සොයාගැනීම් හේතුවෙන් දියුණුවට පත්වී ඇත. අපට මෙම කරුණු ඔස්සේ සනාථ වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් තුළින් බවයි. නවීන ජංගම දුරකථන තුළට වීඩියෝ දර්ශන, චිත‍්‍රපටි , ගීත චිප් භාවිත කිරීමෙන් ඇතුළත් කර ගත හැකිය. මේ හේතුවෙන් ජනමාධ්‍ය ජනයා වෙත නව මාධ්‍ය ඔස්සේ සමීප වී ඇත. මෙම කරුණු හේතුවෙන් පැහැදිලි වන්නේ මෙම සියල්ල සිදුව ඇත්තේ තාක්‍ෂණය හේතුවෙන් බවයි. ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් හේතුවෙන් බව අපට පැහැදිලි වන කරුණකි.
තාක්‍ෂණය නැමති වචනය ලතින් භාෂා මුලයක් වන වියනවා හෝ ඉදිකරනවා යන අර්ථ වලින් බිඳී ආවකි. තාක්‍ෂණය යනු සෙසු සමාජයේ වෙන් වී ඇති ස්වාධීන හුදකලා බලවේගයක් යනුවෙන් සීතිම ප‍්‍රමාණය ඉක්මවා සුළු කොට තැකීමකි. තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට ඇතුළත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍ර නූතන සමාජ ජනමාධ්‍ය දියුණුවට පත් වී ඇති ආකාරයක් ලෙස චන්ද්‍රිකා වන්ගේ බිහිවීම දැක්විය හැක. සැතපුම් දහස් ගණනක් දුරකට වුවද පණිවිඩ යෑවීම හෝ එතරම් ඈතක සිට පණිවිඩ ලබා ගැනීමටද හැකි වී ඇත. චන්ද්‍රිකා මඟින් පහත කාර්්‍යයන් සිදු කළ හැකි වේ. ස්ථාවර සහ ජංගම යන සම්පේ‍්‍රෂණ දෙකින්ම පින්තූර හා ශබ්ද සජීවි ලෙස ලොව පුරා සම්පේ‍්‍රෂණය කිරීම සිදු කළ හැකිය. එමෙන්ම නව ගුවන්විදුලි සහ රූපවාහනි මධ්‍යස්ථාන සහ සුපිරි මධ්‍යස්ථාන පහසුවෙන් නිර්මාණය කිරීමද සිදු කරනු ලබයි. බොහෝ රූපවාහිනි පද්ධතින්ට ඉතා වැඩි වැඩසටහන් ප‍්‍රමාණයක් සකස් කිරීමේ හැකියාව චන්ද්‍රිකා තාක්‍ෂණය මඟින් සිදුවේ. එමෙන්ම චන්ද්‍රිකාවල සිට එක එල්ලේ නිවෙස් පද්ධතිය තෙක් සම්බන්ධතාවයක් ඇති කිරීම, චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ සිදුවන තවත් ප‍්‍රධාන කාර්යයක් වන්නේ ප‍්‍රමාණවත් ග‍්‍රාහක පිරිසක් රැුස් කරවා ගත නොහැකි කුඩා භූගෝලීය ප‍්‍රදේශයක වැඩසටහනක් හෝ වැඩසටහන් සඳහා ජාතික හෝ කලාපීය පදනමක් මත ග‍්‍රාහක පිරිසක් රැුස්කර වීමයි. මේ ආකාරයට චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ රූපවාහිනිය හා ගුවන්විදුලිය යන මාධ්‍ය ප‍්‍රබල දියුණුවකට පත්ව තිබේ. මේ ඔස්සේ අපට පැහැදිලි වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි.
කේබල් කර්මාන්තය හේතුවෙන්ද රූපවාහිනිය හා ගුවන් විදුලිය යන නව මාධ්‍යන් දියුණුවට පත්ව තිබේ. කේබල් යනු රූපවාහිනී, ගුවන් විදුලි සහ දත්ත සංඥා සඳහා බෙදා හැරීමේ පද්ධතියක් වන සන්නිවේදන කර්මාන්තයට දී ඇති නමකි. මුලදී ප‍්‍රජා ඇන්ටෙනා රූපවාහිනිය වශයෙන් එවිට හඳුන්වනු ලැබු කේබල් අදාළ වූයේ නිවෙස් කරා දිවෙන කොඇක්සියල් කේබල් රැුහැන් සහිත ටවර් ඇන්ටෙනාවකි. මුල් යුගයේ කේබල් පද්ධති මඟින් රූපවාහිනි මධ්‍යස්ථාන වලට සංඥා අල්ලා ගනු ලැබ යළි බෙදාහරිනු ලැබීය. වර්තමානයේ කේබල් ඊට වඩා බොහෝ සංකීර්ණ වේ. මෙම කේබල් කර්මාන්තය රූපවාහිනිය හා ගුවන් විදුලිය යන ජනමාධ්‍ය ප‍්‍රබල දියුණු වීමකට ලක්ව ඇත. මෙමඟින් අපට පැහැදිලි වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයා ගැනීම් මඟින් බවයි.
වර්තමානය වන විට ජනමාධ්‍ය කෙරෙහි සුවිශේෂී බලපෑමක් තාක්ෂණය ඔස්සේ සිදු කර ඇත. එනම් සෑම නව සන්නිවේදනය මාධ්‍යක් විසින්ම දැනට පවත්නා මාධ්‍යයන්ගේ කාර්යයන් ශීඝ‍්‍රයෙන් වෙනස් කරවන බව කැනේඩියානු මාධ්‍ය විශේෂඥයෙකු වන මාර්ෂල් මැක්ලූහන් වරක් ප‍්‍රකාශ කර ඇත. නිදසුන් ලෙස රූපවාහිනිය හඳුන්වා දීමෙන් පසුව ගුවන්විදුලිය මඟින් ප‍්‍රචාරය වූ බොහෝ විනෝද වැඩසටහන් කොතරම් අඩුවීද යත් නාට්‍ය වැඩසටහන් ඉන් ඉවත් වී ඒ වෙනුවට සංගීත හා ප‍්‍රවෘත්ති වැඩසටහන් යොදා ගන්නා ලදී. මේ ආකාරයට ජනමාධ්‍ය සඳහා ජනතා මතය තීරණය වන්නේද එහි පවතින තාක්ෂණිකත්වය මතයි. තාක්ෂණික ස්වරූපය වැඩි වන තරමටම ජනයා ඒ මත සමීප වන්නේ එය භාවිත කිරීමේදී තමන්ට ඇතිවන පහසුව හේතුවෙනි. එමෙන්ම පරිගණක හා ඬේටා බේස් හේතුවෙන් වර්තමානයේ ජනමාධ්‍ය සුවිශේෂී දියුණුවක් ලබා ඇත. නිදසුනක් ලෙස ගුවන් විදුලි ප‍්‍රචාරක කටයුතු වලදී සීමිත චැනල් නිසා ඇතිවන බාධකය නව තාක්‍ෂණය මඟින් බිඳ දමා ඇත. එනම් සැම විටම ගුවන් තරංග මඟින් කෙරෙන ප‍්‍රචාරයන් සීමිත වර්ණාවලියක් මඟින් බලපැවැත්වෙන චැනල් හිඟයක් නිසා සීමා කෙරේ. මේ හේතුව නිසා රූපවාහිනි සහ ගුවන් විදුලි ප‍්‍රචාරක ස්ථාන සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු වූ අතර ඒ සඳහා බලපත‍්‍ර ලබා ගැනීම පිණිස බලවත් තරගයක් පැවතිණ. නමුත් දැන් චැනල් බොහෝ ගණනක් වුවද ලබාගත හැකි නිසා ඇතැම් බටහිර නගරවල දැනටමත් සියයකට අධික ප‍්‍රමාණයක කේබල් චැනල් තිබේ. එමෙන්ම රූපවාහිනි මාධ්‍යයද මේ ආකාරයට තාක්‍ෂණය ඔස්සේ දියුණුව ඇත. තොරතුරු විනෝදාංශ සහ අනෙකුත් වැඩසටහන් සකස් කිරීමේ තාක්ෂණික ශක්තිය වර්ධනය වී ඇත. ඒ නිසා ජනතාව වැඩි වශයෙන් රූපවාහිනියට යොමු වී ඇත. මේ සාධක ඔස්සේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මත බව අපට පැහැදිලි වන කරුණකි.
එමෙන්ම අන්තර්ජාලය, ඊමේල්, විශ්ව වෙබ් අඩවි යන තාක්ෂණයන්ගේ දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය දියුණුවට පත්ව ඇත. වර්තමාන ජනමාධ්‍ය මෙම නව මාධ්‍ය සමඟ ඍජුව බැඳී ඇත. මෙම නව මාධ්‍යයන්ගේ තාක්‍ෂණික බලපෑම ජනමාධ්‍ය වෙතද ඍජුව හෝ වක‍්‍රව එල්ල වී ඇත. බොහෝ ජනමාධ්‍ය වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකි වනවා පමණක් නොව ඒවා සමාජ ජාල වෙබ් අඩවි සමඟද පුළුල් සම්බන්ධයක් පවතී. ගුවන් විදුලි වැඩසටහන්, රූපවාහිනි වැඩසටහන්, පුවත්පත් මෙසේ සමාජ ජාල වෙඞ් අඩවි ඔස්සේ ජනතාවගේ මතය දැන ගැනීමට හා ජනතාවගේ ප‍්‍රතිචාරය ලබා ගැනීමට ක‍්‍රියා කරයි. මේ අනුව නව මාධ්‍යයන්ගේ තාක්‍ෂණික සොයාගැනීම් ජනමාධ්‍ය සඳහාද බලපා ඇත. ජනමාධ්‍ය නව මාධ්‍ය සමඟ බද්ධ වී පවතින බව පෙනී යයි. මේ අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි.
පුවත්පතේ බිහිවීම, ගුවන් විදුලියේ බිහිවීම, රූපවාහිනියේ බිහිවීම, ඡායාරූපකරණයේ බිහිවීම, සිනමාවේ බිහිවීම සිදුව ඇත්තේ තාක්ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙසිනි. තාක්ෂණය නොමැතිනම් මෙම ජනමාධ්‍ය වල බිහිවීම කිසි දිනක සිදුවීමට ඉඩ නොපවතින බව අපට පෙනී යයි. මෙම ජනමාධ්‍යයන් ක‍්‍රමිකව විකාශය වූයේ තාක්ෂණයේ ප‍්‍රතිඵලය ලෙසය. මුද්‍රණ යන්ත‍්‍රයේ විශ්මිත සොයාගැනීම නිසා පුවත් පත නම් ජනමාධ්‍ය බිහි වීමද, මාකෝනිගේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස ගුවන්විදුලිය බිහිවීමද, තාක්ෂණික විද්‍යාඥයින්ගේ පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස රූපවාහිනිය බිහිවීමද, කැමරාවේ විශිෂ්ට සොයාගැනීම හේතුවෙන් ඡුායාරූපකරණය හා සිනමා මාධ්‍ය බිහිවීමද සිදුවිය. මේ සියල්ල බිහිවූයේ තාක්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම කරුණු සියල්ල සාධනය කිරීමෙන් අපට ගම්‍ය වන කරුණ වන්නේ ජනමාධ්‍ය පාලනය වන්නේ තාක්ෂණික සොයාගැනීම් මඟින් බවයි.
No comments:
Post a Comment