Sunday, July 10, 2016

මාධ්‍යවේදියා සතු යුතුකම් හා වගකිම්


   හූ හඬින් ආරමිභ වූ මානව සන්නිවෙිදනය වර්තමානය වන විට අන්තර්ජාලය දක්වා දිර්ඝ ගමනක් පැමිණ ඇත.මානව සන්නිවේදනය ගැන සලකා බැලීමෙිදි සන්නිවේදන මාධ්‍ය පිලිබද කතා නොකර බැරි තරමටම ඒය මානව සන්නිවේදනයට ඉවහල්ව ඇත.අතිතයේ මිනිසා තම සන්නිවේදන අවශ්‍යතා සදහා මාධ්‍ය ලෙස භාෂාව මෙන්ම නොයෙක් සරල ක‍්‍රම රාශියක් උපයෝගි කොට ගත්තේය.මිනිස් චින්තනය හා ඥානය දියුණු වීමත් සමගම මානව සන්නිවේදනය ඔවුන්ගේ සංකීර්ණ අවශ්‍යතා අනුව දියුණු විය.මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට විද්‍යුත් මාධ්‍ය ක‍්‍රම මෙන්ම මුද‍්‍රණ මාධ්‍ය ක‍්‍රමද රාශියක් බිහිවී ඇත.මෙම මාධ්‍ය හසුරුවන්නන් මාධ්‍ය වෙිදීන් ලෙස ඉතා සරලව දැක්විය හැකිය.
     
  වර්තමානයේ පුවත්පත්,ගුවන්විදුලි,රූපවාහිනි ආදි සෑම මාධ්‍ය ක්ෂේත‍්‍රයකම කතාබහට ලක්වන සංකීර්ණ ප‍්‍රශ්නයකි මාධ්‍ය නිදහස.සැබවින්ම ජනමාධ්‍ය තුළින් මිනිසාට අවංක පරම සේවයක් ඉටු කිරීමට නමි ඒ පිළිබද සැබෑ නිදහසක් අවශ්‍යය.පෞද්ගලික බලවතුන්ගේ ඇගිලි ගැසීමි දේශපාලඥයින්ගේ බලපෑම් ආදිය නිසා වර්තමානය වන විට මාධ්‍ය දූෂණය වී ඇති බව අප කවුරුත් දන්නා සත්‍යයකි.ජනමාධ්‍ය දූෂිතවීම යනු මිනිස් චින්තනය දූෂිත විමයි.ඒ මන්දයත් මිනිස් චින්තනය ගොඩනැගීමෙහිලා ජනමාධ්‍ය මූලික ස්ථානයක් ගන්නා බැවිනි.
    
   මාධ්‍ය නිදහස භුක්ති විදිමින් රටෙි ඉදිරි ගමනට අත දීම ජනමාධ්‍ය හා මාධ්‍ය වේදීන් සතු පරම යුතුකමකි.මෙි වන විට යහපත් දෑ අභිබවා යමින් අයහයත් දෑ මිනිසාට ළගා කර දීමට මාධ්‍යවේදින් යොමු වී ඇති බව පෙනෙන්නට ඇත.ඒමෙන්ම රටක ඉදිරි ගමනට බාධා පමුණුවන යම් යම් ජන ආරවුල් දේශපාලන ප‍්‍රශ්න ආදිය සදහා ජනමාධ්‍යද තරමක වගකීමක් භාරගත යුතුය.සාවද්‍ය හා ප‍්‍රකෝපකාරී පුවත් ජනමාධ්‍ය තුළින් ඉදිරිපත් නොකිරීමට මාධ්‍යවෙිදීන් වගබලාගත යුතුය.ඒමෙන්ම කුඩා දරුවන්ගේ නොඉදුල් සිත් දූෂිත කිරීම සමිබන්ධයෙන් මාධ්‍ය ක්ෂේත‍්‍රය මූලිකව වගකිව යුතුය.මෙමගින් ඇතිවිය හැකි මානසික අසහනය මගින් දිර්ඝ කාලීන ඇතිවිය හැකි සංස්කෘතිකමය සමාජීය විපර්යාසය මුලූ ලෝකයටම අයහපත් ලෙස බලපෑ හැකිය.මෙි පිළිබඳව මාධ්‍යවේදීන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යමය.එමෙන්ම පෞද්ගලික නිදහසට හානි නොවන පරිදි පුවත් පල කිරීමද මාධ්‍යවෙිදීන් සතු ප‍්‍රබල වගකීමකි.නළු නිළියන් ගායක ගායිකාවන් මෙන්ම සමාජයේ සුප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික තත්වයට අද ජනමාධ්‍ය මගින් ප‍්‍රබල පහරනක් එල්ල වී ඇත.යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුකිරීම සදාචාර වශයෙන් සහ නීතිමය වශියන් බරපතල වරදකි.ඉඳින් මෙි වරදින් තම මාධ්‍ය ක්ෂේත‍්‍රය මුදවා ගැනීම මාධ්‍යවේදීන් සතු තවත් යුතුකමකි.මාධ්‍යවේදියාද මිනිස් සමාජයේ එක් සමාජ ස්තරයකි.මිනිසාගේ පරම යුතුකම වන්නේ මිනිසාට සේවය කිරීම බැවින් මාධ්‍යවේදියාද මිනිසාගේ පරිහානියට නොව අභිවෘද්ධියට කටයුතු කළ යුතුය.නොයෙකුත් නීති විරෝධී ජාවාරමි ආයතනවල සිදුවන අක‍්‍රමිකතා ආදිය පිළිබදව ජනතාවට අනාවරණය කර දෙමින් එම වැරදි නිවැරදි කිරීමටද ජනතාවගේ දුක,කඳුල,ගැහැට,අපහසුතා පිළිබඳව හඬක් නගමින් එම ප‍්‍රශ්න තරමක් දුරට හෝ සංසිදුවීමට රජයට හා වගකිව යුත්තන්ට බල කිරීම මාධ්‍යවෙිදියා මගින් ඉටුවිය යුතුය.ලෝකයේ සාහිත්‍ය පෝෂණයටද ජනමාධ්‍ය ප‍්‍රබලව කි‍්‍රයා කරයි.උසස් නිවැරදි රසවින්දනයක් ජනතාවට ලබා දීම මාධ්‍ය මගින් සිදුවිය යුතුය.කැලයේ පිපෙන මල් කැලයේ පරවිමයාමට ඉඩ නොදී ඔවුන්ගේ මල් සුවඳඋකහා ගනිමින් මනුසිත් සතන් පිබිදවීමට ජනමාධ්‍ය හොඳ මාධ්‍යයකි.මාධ්‍යවේදියා සැමවිටම ජනතාවට පක්ෂපාති ජනතා සේවකයෙකු විය යුතුය.ජනතාවගේ නිදහස සුරකින මාධයවේදී පිළිවෙතක් අනුගමනය කරමින් ජාතියේ එක්සත් භාවයට අදාළ මංපෙත් පෝෂණය කිරීම සංක්ෂිප්ත වශයෙන් මාධ්‍යවේදියාගේ පරම යුතුකම විය යුතුය.
     
   මාධ්‍යවේදියාට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හා ඔවුන් වෙනුවෙන් හඬනනැගීමට ඇති අවස්ථා මෙන්ම ඉඩකඩද අතිමහත්ය.එනමුදු ඒ හැකියාව පසෙකලා මුදලට බලයට හිස නමන මාධ්‍යවේදීන් මුළු මහත් මාධ්‍ය ක්ෂේත‍්‍රයටම කැළලකි.පොදු ජනතාව හා රාජ්‍ය පාලකයන් අතර සමිබන්ධීකරණ නිලධරයෙක් ලෙස මාධ්‍යවේදියා හැදින්විය හැක.ජනතාවගේ උණුසුම් ප‍්‍රශ්න රාජ්‍ය පාලකයන්ට ඉදිරිපත් කරන්නේද රාජ්‍ය පාලකයන්ගේ අදහස් ජනතාව වෙත ලබාදෙන්නේද මාධ්‍යවේදියාය.එබැවින් මාධ්‍යවේදියා ලෝක ජනතාවට නැතිවම බැරි මානව සමිපතක් වී ඇත.මාධ්‍ය හා මාධ්‍යවේදියා යන අංශ දෙක මිනිසාගේ සේවය සඳහා කැපවූ ආයතන බැවින් අප එ් අංශයන් ආරක්ෂා කළ යුතුවන අතර මාධ්‍ය හා මාධ්‍යවේදියා උතුමි මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් මිනිස් මෙහෙවරක යෙදීමද අත්‍යවශ්‍යම කරුණකි.   
    

No comments:

Post a Comment